ආයුබෝවන්! Welcome! வரவேற்பு!
Top Ten Books


කාන්තාරයේ කුසුම කියන්නෙ දුක , වේදනාව, ඉවසීම , සතුට කියන හැඟීම් සියල්ලම වගේ පිරිලා තියෙන කෘතියක්.. ඒ හැමදේටම වඩා ඒ ගැහැනියක් ලියපු සත්‍ය කතාවක් නිසා ඒක ගොඩක් සංවේදි නවකතාවක්. “කාන්තාරයේ කුසුම “කියන්නෙ, පසු කාලයේදි සුප්‍රසිද්ධ අන්තර්ජාතික නිරූපණ ශිල්පිනියක් බවට පත්වෙන්න වාසනාව ලබපු විදිහ සෝමාලියානු එඩේර පවුලකට අයත් වෙච්ච කෙල්ලක් තමන්ගෙ ජීවිත කතාව අලලා ලියපු ස්වයං චරිතාපදානය… දක්ෂ නිරුපන ශිල්පිනියක්, නිලියක්, කතෘවරියක්, එක්සත් ජාතීන්ගෙ විශේෂ තානාපතිනියක් හා විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් සඳහා පෙනීසිටින ක්‍රියාකාරිනියක් වන වාරිස් ඩයරී නම් සුන්දර ගැහනියගේ කතාවයි….එළුවන්, ඔටුවන්ගෙන් ආදී සතුන්ගෙන් හා ඔවුන් අවට ඇති ස්වභාව ධර්මයේ පිහිටෙන් දෛනිකව උපයපු දේවල් වලින් ජීවත් වෙන සෝමලියානු එඬේර පවුලක හිටපු ඇය වයස අවුරුදු 12දි ගෙදරින් පැන යනවා.ඒ ඇගේ තාත්තා ගොඩාක් පොහොසත්, වයසක මනුස්සයෙක්ට ඇයව බලෙන් විවාහ කරලා දෙන්න උත්සහ කරපු නිසා. සෝමලි සංස්කෘතියට අනුව ගැහැනු ලමයින් සඳහා පිලිවෙතක් තියෙනවා චර්ම ඡේදනය කියලා (circumcise). මෙම කෘතියෙහි ඉතාමත් වේදනාකාරි අත්දැකීමක් ලෙස එය හඳුන්වන ඇය, ඇයටත් අනිත් සෝමාලියානු එඬෙර කෙල්ලන් වගේම එයට මුහුණ දෙන්න සිදු වෙන ආකාරය සඳහන් කරනවා.