AMARADEWA – අමරදේව
නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණයේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.
Sophie ge lokaya – සොෆීගේ ලෝකය
ප්‍රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ
Tharagaye Weeraya – තරගයේ වීරයා
ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
කොන්ෆියුසියස්ගේ සුභාෂිත – CONFUCIUS GE SUBHASHITHA (THE ANALECTS OF CONFUCIUS)
දේශය කැලඹූ සංක‍්‍රාන්ති යුගයක් වූ වසන්ත හා සරත් යුගයෙහි (කි‍්‍ර.පූ.770-476) අග භාගයේ චීනයෙහි ජීවත් වූ කොන්ෆියුසියස්තුමා එම දේශයෙහි චින්තනය හා ආචාර විචාර පද්ධතිය ද බලවත් වෙනසකට පත් කළ ශ්‍රේෂ්ඨ චින්තකයකු මෙන් ම අධ්‍යාපනඥයකු ද වූයේ ය.
එතුමා විසින් ආරම්භ කරන ලද ‘කොන්ෆියුසියානු වාදය’ චීන සංස්කෘතියේ කේන්ද්‍රය මෙන්ම චීනයේ විශිෂ්ටතම සම්ප‍්‍රදායවල නියෝජිතයා ද වන්නේ ය.
කොන්ෆියුසියස්තුමා විසින් ඉදිරිපත් කරන ලද චින්තනයෙහි අන්තර්ගත භාෂිත හා කි‍්‍රයා ප‍්‍රධාන වශයෙන් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ යන කෘතියෙහි අන්තර්ගත වන්නේ ය.
කොන්ෆියුසියස්තුමාගේ චින්තනය චීනයට ම පමණක් සීමා නොවන්නක් වන අතර එය සමස්ත ලෝකයේ ම උරුමයක් බවට පත්ව ඇත්තේ ය. එතුමාගේ දර්ශනය වඩාත් සංක්ෂිප්ත කළහොත් එමගින් කියැවෙන්නේ, ‘යහසාධකභාවය හා යුක්තිය වැනි සද්චර්යා පවතින විට පෘථිවියේ යුද්ධයක් ඇති නොවන්නේ ය’ යන්න ය. නෝබල් ත්‍යාගලාභී විද්වතුන් හැත්තෑපස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ පිළිබඳව කළ සාකච්ඡුාවක දී ඉදිරිපත්වූ නිගමනය වූයේ, මනුෂ්‍ය වර්ගයාට ඉදිරියට පවතින්නට අවශ්‍ය වන්නේ නම් කොන්ෆියුසියස්ගේ බුද්ධිය අවබෝධ කර ගන්නට ශතවර්ෂ විසිපහක් ආපස්සට යා යුතු බව ය.’
ප්‍රේම පුරාණය – Prema Purane
පේ‍්‍රම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රග දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සගරා සහ පොත් ප‍්‍රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්‍රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප‍්‍රායෝගිකව මැදිහත් කළේය.
පේ‍්‍රම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ ‘විචිත‍්‍ර’, කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‘ජනපි‍්‍රය සංස්කෘතිය’ පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග‍්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප‍්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග‍්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරවයි.
– ආචාර්ය සරත් අමුණුගම