මගියා – Magiya
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
Panduru Bandina gas – පඬුරු බඳින ගස්
ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්.
ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්.
එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස විතරක් නෙමෙයි උන්ට උන් හිටි තැනුත් අමතක වෙනව. මුළු ලෝකෙම ඉන්නේ තමුන් විතරයි කියල උන් දෙන්නා හිතන්න පටන් ගන්නව. එතැන ඉඳල මුළු ලෝකෙම අයිති උන්ට…!
එහෙම දෙන්නෙක් මුහුදු හතක් පීනලා, කඳු හතක් උඩින් පැනලා, අන්තිමට ආයිත් තමුන්ගෙ අක්මුල් හොයාගෙන ආපහු එනකොට උන්ට අභියෝග කරපු හු`ගක් අයට සිද්ධ වෙන්නෙ හැංගෙන්න.
නමට විතරක් දියමන්තියක් වුණ, කුසෙන් වදපු දරුවන් පවා පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොතැකූ අසරණ අහිංසක ගැහැනියක් අන්තිම මොහොතෙ තමුන්ගේ ජීවිතය රන් කර`ඩුවක් වගේ සලකා එයට නිසි වටිනාකමක්, උණුසුමක් දෙන උරහිසක් සොයා යන්න හිතන එක වරදක්ද..? එහෙම සිතුවිල්ලක් හිතේ මෝදු වුණාට පස්සෙ ගෑනියෙකුට අතාරින්න බැරි දෙයක් තියෙනවද…? හැමෝගෙන්ම බැටකාපු, නින්දා අපහාස විඳපු, හෑල්ලූවට සූරාකෑමට ලක්වුණ ගැහැනියකට එහෙම ගිහින් තමුන්ගේ ජීවිතය වෙනස් කරගන්න අයිතියක් නැද්ද…..? එහෙමත් නැත්නම් ලැබූ අනේක ගැරහුම් ගෞරවයක්, ආදරයක්, භක්තියක් බවට පෙරළා ගන්න බැරිද..?
වනාන්තරේ ගස් ඕනැ තරම් තියෙනව. හැබැයි මිනිස්සු ප`ඩුරක් බැඳලා දෙවි පිහිට යදින්නේ එහෙමත්ම ගහකට. තමුන්ගේ ඉරණමට බැඳුන සැබෑ දෙවියන් සිටින ගසකට ප`ඩුරක් ගැටගහන්නත් ගැහැනියකට තිරසාර බලපොරොත්තුවක් තියෙන්නෝනෑ. බලාපොරොත්තුව වෙනුවෙන් අනිත් සියල්ලම අතෑරපු එවුන් තමයි අන්තිමට දිනන්නෙ. මේ එලෙස සියල්ල හැර පියා බලාපොරොත්තුව ලූහුබැඳ ගිය එවුන්ගේ කතාවයි.
කුර හඬෙකි වියැකෙන – Kura Hadeki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
Yakada Dholi – යකඩ දෝලි
රණශූර රසකාමියෙකු වූ කාශ්‍යප රජු සිය සීගිරි රාජධානියේ අභිරහස් ලෙනක් තුළ සිය යකඩ දෝලිය වූ මලී සමඟ ආදරය, පේ‍්‍රමය සහ අනුරාගය සමඟින් සදාකාලික ලෙසින් රැකගත් රහස, සියවස් ගණනකට පසු ඇමෙරිකානු යුවතියක වූ කි‍්‍රස්ටින් ඇන්ඩ‍්‍රසන් වෙතින් ලෝකයට නිරාවරණය වෙයි.
එදා කාශ්‍යප රජුගේ යකඩ දෝලියක් වූ මලී තරුණිය ආත්ම ගණනකට පසු කි‍්‍රස්ටින් ලෙසින් පුනර්භවය ලැබුවාද?
රසකාමී රසවතකුගේ විස්මිත රාජධානියක නිර්මාණශීලි නිමැවුම් අතර සැඟවී ගිය පේ‍්‍රමණීය අන්දරයක රසාලිප්ත අභිරමණීය අත්දැකීම් අතර සැරිසරන්න.
දමයන්ති අඹේපිටියගේ කුළුඳුල් නිර්මාණය ‘යකඩ දෝලි’ රසවිඳින්න.
ආර්යා – Arya
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය.
ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
මරුබිම – Marubima
සිංහල පත්තරේක වැඩ කළත්..
දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන විදිහට වෙනස්වෙන මිනිහෙකුත් නෙවේ.
Heufant Preme – හියුෆන්ට් ප්‍රේමේ
එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා… කනකට කරාබුවකුත් දාලා… ඉරිච්ච ඩෙනිමයි… ටී ෂර්ට් එකයි… හං සෙරෙප්පු…
ඌ මේකෙ වැඩ කරන එකෙක් බව ෂානා දැනගත්තෙ බිත්තියෙ පැත්තකින් තිබ්බ ඇඟිලි සලකුණු යන්ත්‍රෙට ඇඟිල්ල ඔබපු නිසා…
ඌ නිකං ෂානා දිහා බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ. ෂානට අපහසුවක් දැනුණ… ඌ ඇතුළට ගියා.
ඊට පස්සෙ ආවා තව එකෙක්… හෑන්ඩ්ලුම් සරමක් ඇඳලා… දිග කුර්තාවක් ඇඳලා… සිගරට් එකකුත් බිබී… ඌත් අරකට ඇඟිල්ල එබුව. ‘ඒ කියන්නෙ ඌත් මේකෙ වැඩකරන එකෙක්.’ ෂානා හිතුවා. ‘යකෝ මුං දැන්ද වැඩට එන්නෙ..?’ ඌත් ෂානා දිහා බැලුවෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. ෂානට ආයෙ අපහසුවක් දැනුණා. ඌත් ඇතුළට ගියා.
ත්‍රී ක්වාටර් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගහගෙන කෙල්ලෙක් ආවා. බත් කෙණ්ඩෙ මකරෙක්. ඇඟිල්ල එබුවා… ෂානා දිහා පුදුමෙන් වගේ බැලුවා… ඇතුළට ගියා.
පිළිගැනීමේ කවුන්ටරේ හිටියෙ කෙල්ලෙක්. ඒකි මෙලෝ සිහියක් නැතුව මොනවද කනවා.
ඊට පස්සෙ ආවෙ කොට කලිසමක් ඇඳලා, රබර් සෙරෙප්පු දෙකක් දාලා, කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවාගත්තු බමුණෙක් වගේ එකෙක්. ඌ නිකං චේ ගුවේරා වගේ රතු තරුවක් තියෙන චේ කැප් එකක් දාගෙන හිටියා. මිනිහත් ඇඟිල්ල එබුවා. ෂානා දිහා අමුතු විදිහට බැලුවා. ඇතුළට යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් ෂානත් එක්ක කතා කළා.
“මල්ලි කාව හරි ඉන්ෂුවරන්ස් කරන්නද?”
ෂානා උඩ බිම බැලුවා. ‘ඉන්ෂුවරන්ස් කරන්න?’ ෂානා හිතුවා.
“මල්ලි මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්ද? කාව හම්බවෙන්නද ආවෙ?”
SIMPLE SIMON- සිම්පල් සයිමන්
නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.
ප්‍රේමසුත්‍ර – Premasutra
‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’