Novels

(Showing 49 – 72 products of 209 products)

Show:

Sansara Bandana – සංසාර බන්ධන

Highlights:

රුදුරු පිළිකා රෝගයකට ගොදුරුව මරණයට දින නියමව සිටි ගුණගරුක සරසවි සිසුවියක සුපේෂල ශික්ෂාකාමී චරිතයක් සමග කායික සබඳතාවයකින් තොරව යහපත් දරු උපතක් පිළිබඳ සිය අපේක්ෂාවන් ජයගත් අයුරු කියැවෙන සංවේදී කතාවකි.

රු 260.00 20% Off

Raja Gedara -රජ ගෙදර

Highlights:

මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්‍රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Mahabiso Leelawathi – මහබිසෝ ලීලාවතී

Highlights:

ලංකාවේ තෙවරක්ම සිංහාසනයට පත්වූ එකම පාලිකාව වූ ලීලාවතී බිසව සිය පාලන කාලය තුළ දී පරසතුරු ආක්‍රරමණ මෙන්ම වංශික අරගල දේශපාලනයට ද මුහුණ දෙමින් සිදු කළ රාජ්‍ය පාලනය හා සබැඳි විචිත්‍රවත් ඓතිහාසික නවකතාවකි.

රු 360.00 20% Off

Niralambanaya – නිරාලම්බනය

Highlights:

ගිහි ජීවිතය හා පැවිදි ජීවිතය අතර දෝලනය වන සිතිවිලි
මධ්‍යයේ සමාජයේ ගැටලු විචක්ෂණ ඥානයෙන් යුතුව අවබෝධ
කර ගනිමින් ආශාවෙන් මිදුණු ඇලීම්වලින් නිදහස් වීමට වෙර
දරන බුද්ධ පුත්‍රයෙකුගේ හැගීම්බර කතාවයි.

රු 320.00 20% Off

Sedha Walauwa – සේද වලව්ව

Highlights:

ඉවෝන් සහ රාජාගේ සංවේදී ආදර අන්දරය දෑසට කඳුළක්,
හදවතට සුසුමක් ගෙනෙන අනුවේදනීය සිදුවීම්වලින් ගහණය.
මිථ්‍යා විශ්වාස තුරන්කර සංහිඳියාව වර්ධනය කරන්නටත්, භේද
වී ඉරිතලා ගිය හදවත් සුවපත් කරන්නටත් ‘සේද වලව්ව’ තුළින්
චිත්‍රණය කෙරෙන සුබවාදී ආකල්පය ප්‍රශස්තකරය.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Wasana dineki meka – වාසනා දිනේකි මේක

Highlights:

ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්‍රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.

රු 440.00 20% Off
Currently Not Available For Online Orders

Lakshmi nowu lakshmi – ලක්ෂ්මී නොවූ ලක්ෂ්මී

Highlights:

තම බඩ වියත උදෙසා ඩාබිදු හෙළන අසරණියක් කාමාතුරයන්ගේ
ලිංගික සූරාකෑමට එරෙහිව සටන්වැද අවසානයේ මිනීමරු
ස්ත්‍රියක් බවට පත්වීමේ අනුවේදනීය කතාවයි.

රු 280.00 20% Off
Currently Not Available For Online Orders

America – ඇමෙරිකා

Highlights:

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.

රු 380.00 20% Off
Currently Not Available For Online Orders

Lena kule maw – ලේන කුලේ මව්

Highlights:

කුරිරු දරිද්‍රතාව, අමන දේශපාලනය හා කුහක සමාජය වෙතින්
එල්ල වූ අනේකවිධ පීඩාවන් උපේකෂා සහගතව විඳ දරාගනිමින්
අනුපමේය දරු සෙනෙහස උදෙසා අභීතව ජීවිතයේ මහගිරිදඹ
තරණය කළ උත්තරීතර මවකගේ අනුවේදනීය කතාවයි.

රු 340.00 20% Off

Gedi siyayak – ගෙඩි සියයක්

Highlights:

නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්‍රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.

රු 280.00 20% Off

Piyasi kawuluwa – පියැසි කවුළුව

Highlights:

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය
සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්
පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද,
උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්
වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති
අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.

රු 320.00 20% Off

Kande weediya – කන්දෙ වීදිය

Highlights:

19 වැනි සියවසේ අගභාගයේ ඓතිහාසික පසුබිම ලෙසින් ගත්
‘කන්දේ වීදිය’ ඒ යුගයේ මිනිසුන්ගේ ජීව ගුණය ඒත්තු ගන්වන්නට
සමත් වන පාඨක සිත තදින් ඇදබැඳ තබාගන්නා නවකතාවකි.
ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය සම්මාන කිහිපයකටම නිර්දේශ වූ කෘතියකි.

Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී

Highlights:

ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.

රු 400.00 20% Off
Currently Not Available For Online Orders

Gal warusa – ගල් වරුසා

Highlights:

සිය මවගේ සිත් රිදවමින් ඇයගේ මතයට එරෙහිව කාමයෙහි
වරදවා හැසිරුණු මිනිසකු සමඟ ජීවත්වන ගැහැනියක ඒඩ්ස්
රෝගියකු ලෙසින් දුඛිත ඉරණමකට මුහුණපෑමෙන් පසු මතුවන
අමිහිරි අත්දැකීම් ඇසුරෙන් රචිත අනුවේදනීය නවකතාවකි.

රු 280.00 20% Off

Enu kohi sita – එනු කොහි සිට

Highlights:

මෙම කෘතියෙන් සංග්‍රහ වන්නේ ලේඛකයා අත්ටුදු නෑඹුල්
විසිතුරු ළමා ජීවිතයයි. සොබා සොඳුර චිත්‍රණය වූ එකී ජීවිත තතු
ප්‍රාථමික අධ්‍යයනයේ දී ලද හැඟුම්බර මතක සැමරුම් විස්මයාන්ත
ස්මරණයෙන් ළගන්නා සරල ආකර්ෂණීය බස් වහරින් රසික
සමාජයට පුද දෙන ‘එනු කොහි සිට’ විස්මිත ජීවන අන්දරයකි.

රු 300.00 20% Off

Velikathare kandulu binduwa – වැලිකතරේ කඳුළු බිඳුව

Highlights:

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ඇගැයුම්
සහතිකය ලද මෙම ග්‍රන්ථය කතුවරයාගේ 49 වැනි කෘතියයි.
විවිධ අන්තර්ගතයන් හා නව වියමන් සහිත හරවත්, රසවත්
කෙටිකතා දහතුනක එකතුවකි.

රු 240.00 20% Off
Currently Not Available For Online Orders

Sisilagni – සිසිලාග්නි

Highlights:

ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.

රු 520.00 20% Off

Nirgami – නිර්ගාමී

Highlights:

විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.

රු 640.00 20% Off

Panchassthamba – පංචස්තම්භ

Highlights:

බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.

රු 280.00 20% Off

Mahakanadara Neyo – මහකනදරා නෑයෝ

Highlights:

සෙනග කන්දරාව මහ කනදරා බැම්ම මතින් ආපසු ගියහ. එහෙත්, ගල් පාරවල් දෙක තුනක් වහළයට වැදුණි. සරණපාල දොර ජනෙල් වසා දැමීය. සංවේගයත්, කෝපයත් හතරවිළි ලැජ්ජාවත් ඔහුගේ සිතේ පිටු පෙරළවීය. දෙවගනක මෙන් රූ ඇති ගැහැනිය වෙනුවට දැන් ගෙදර සිටින්නී නිකම්ම ගැහැනියකි. සිය දරුවන් වැදූ ගැහැනිය නොවේ. ලෝචනා නොව තමාට අහිමි වූයේ පුංචිනාය. තමා හා එකට දුක බෙදාගත් දයාබර සුන්දර බිරිඳය. ඈ ක්‍රමයෙන් ලෝචනා බවට පත් වූයේ තමාගෙන් ගිලිහී සුද්දාට ළං වෙමිනි. ඉන්පසු ඈ තුළ වූයේ කොළඹ තාලෙට හැඩ ගැසුන අකීකරු බිරිඳකි. තමාට හැකි වූයේ අන්න ඒ දෙවෙනි ගැහැනියයි. ඔහු ආලින්දයට පැමිණ පඩිය මත වාඩි විය.
තමාගේ කබල් බයිසිකලය පිළිකන්නේ දිරාපත්ව යයි. ජීවිතය ද එසේමය. සියල්ල මළකඩ කා දිරාපත් වෙයි. මිනිසුන්ගේ අපහාස සිනාහඬ, ගල් පහරවල් ටික දිනකින් උන්ටම අමතක වනු ඇත.

රු 340.00 20% Off
Currently Not Available For Online Orders

Madaran – මඩරන්

Highlights:

‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.

රු 380.00 20% Off

Chakrawarthi – චක්‍රවර්ති

Highlights:

සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.

රු 1,120.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

preloader