Translations

(Showing 1 – 24 products of 87 products)

Show:

Kantharaye Kusuma – කාන්තාරයේ කුසුම

Highlights:

එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්‍රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව

රු 960.00 20% Off

Bindunu Bilinda – බිඳුණු බිලින්දා

Highlights:

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

රු 1,080.00 20% Off

Mission Einstein – මිෂන් අයින්ස්ටයින්

Highlights:

සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…

රු 1,440.00 20% Off

Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි

Highlights:

කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.

රු 800.00 20% Off

105

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

රු 1,280.00 20% Off

Ata Gehiyan – ඇට ගැහියං

Highlights:

ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ Thinner පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.

රු 1,120.00 20% Off

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Highlights:

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

රු 1,320.00 20% Off

Heidi – හයිඩි

Highlights:

ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී අලෙවි වාර්තා
පිහිටුවා ඇති මෙම කෘතිය ස්විස්ටර්ලන්තයේ දනව්වක විසූ
සොබාදහමට ළබැදි දැරියකගේ බුහුටි ක්‍රියාකාරකම් තේමා
කොටගත් නවකතාවකි. අපේ දරුවන්ට ද සමීප අත්දැකීම්වලින්
සපිරි මෙය ආදර්ශමත් කෘතියකි.

රු 800.00 20% Off

Halo Halo – හලෝ හලෝ

Highlights:

දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක එක රැයක් තුල සිදුවන, තාරුණ්‍යයේ සිතුම් පැතුම් තුරුලු කරගත් සිත් කාවදින සරල සිද්ධීන් මාලාවක විචිත්‍ර කතාන්දරය.

රු 880.00 20% Off

Hangi Vihangi – හැංගි විහංගි

Highlights:

නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.

රු 1,160.00 20% Off

Mayada – මයාඩා

Highlights:

1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්‍යය ගොඩනැංවීමට කටයුතු කළේය.
ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්‍රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.
මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්‍යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක් සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේ.

රු 960.00 20% Off

Meka Ape Jale Kade – මේක අපේ ජාලේ කඩේ

Highlights:

සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.

Mona Magulakda Manda – මොන මගුලක්ද මන්දා

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි

රු 880.00 20% Off

Piyen Piyawara Nagen Mudunata – පියෙන් පියවර නැගෙන් මුදුනට

Highlights:

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.

රු 880.00 20% Off

Prema Sandawo 1 – ප්‍රේම සැඳැවෝ 1

Highlights:

ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey”නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.

රු 1,000.00 20% Off

Prema Sandawo 2 -ප්‍රේම සැඳැවෝ 2

Highlights:

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සිංහල පරිවර්තනයේ දෙවැනි කොටසයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4

Highlights:

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.

Prema Sandawo 5 – ප්‍රේම සැඳැවෝ 5

Highlights:

මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිව්‍යාජ කතාන්දරයේ 5 වෙනි කොටසයි.

රු 920.00 20% Off

Weddo – වැද්දෝ

Highlights:

2010 වසරේ හොඳම හොඳම ශාස්ත්‍රීය පරිවර්තනය ලෙස රාජ්‍ය සම්මානය දිනාගත්, මානව විද්‍යා අධ්‍යායන ක්ෂේත්‍රයේ මෙන්ම සම්භාව්‍ය සිංහල ග්‍රන්ථාවලියේ සියවසක හිඩැසක් පිරවූ ශ්‍රී ලාංකේය වැදි ජනතාවගේ ජීවන රටාව විමර්ශනය කරන සී. ජී. සෙලිග්මාන් විසින් විරචිත විශිෂ්ඨතම පර්යේශණ ග්‍රන්ථයේ පරිවර්තනය.

රු 950.00 46% Off

MODAYO MARETHI – මෝඩයෝ මැරෙති

Highlights:

ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි – අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.

රු 2,160.00 20% Off
Currently Not Available For Online Orders

Sima Nathi Adare – සීමා නැති ආදරේ

Highlights:

ප්‍රකාශනය – ගුණසේන

රු 850.00 15% Off
Currently Not Available For Online Orders

Seema Nathi Jeewithe – සීමා නැති ජීවිතේ

Highlights:

ප්‍රකාශනය – ගුණසේන

රු 850.00 15% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping