Gamanaka Satahan – ගමනක සටහන්

රු 480.00

20% Off
Close
Price Summary
  • රු 600.00
  • රු 480.00
  • 20%
  • රු 480.00
  • Overall you save රු 120.00 (20%) on this product
In Stock
Highlights:

කුමන වනාන්තරයේ අප රැය ගත කරන්නට තෝරා ගත් තැනට ළඟා වනවිට බිමට කැරුවල වැටෙන්නට පටන් ගෙන තිබිණි. කැලෑවට උඩින් ඉර බැස ගොස් ය. නැගෙනහිර පැත්තෙන් ඇත්තේ මහා සාගාරය ය. උතුරු පැත්තේ සිට ගලා එන කුඹුක්කන් ඔය මුහුදට වැටෙන්නේ, අප රැයෙහි නවතින්නට සැලසුම් කළ තැන සිට මීටර දෙතුන්සියයකට ඔබ්බෙනි. අප සිටින්නේ මිනිස් වාසයෙන් කිලෝමීටර විසිපහකට තිහකට ඈතින් පිහිටි මහ වනයට මායිම් වූ වෙරළ තීරයේ, කුඹුක්කන් ඔය මෝය ආසන්නයේ ය. වනයට තරම් ඉක්මනට වෙරළට කරුවළ නොවැටෙයි.
කෙමෙන් අඳුරු වන්නට පටන් ගෙන ඇති වලා රහිත සැන්දෑ අහසෙහි තරු කැට එක දෙක යාන්තමට දිලිසෙයි. සමාන කාල පරාසයක් තුළ විටින් විට කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට ගිනිකොන පැත්තෙන් විහිදෙන ආලෝකය යාන්තමට පෙනෙන්නට පටන් ගෙනය. බිමට කරුවළ වැටෙන්නට පටන්ගෙන ඇති මෙවන් මොහොතක රැයෙහි නැවතීම සදහා නවාතැන් පොළක් සොයා ගැනීමට වෙනත් තැනකට යා නොහැකි ය. කලකට පෙර දඩයක්කාරයන් විසින් කැලය තුළට වන්නට තනන ලද දිරාගිය ආවරණයක් සහිත සැකිල්ලකින් යුතු බිම් කඩ ශුද්ධ පවිත්‍ර කොට ගත්තේ, රෑ අහස සකස් කරගන්නට එතැන යොදා ගැනීමට ය. පදුරුවලින් ආවරණය වූ එතැනට මුහුදෙන් හමන දැඩි සුළං නොඑයි. එයට සමීප ව අප පැමිණි ජීප් රථය නවතා, ඉදිරියෙන් වූ විවෘත බිම්කඩ කුඩාරම සවිකරන්නට යොදා ගතිමු.

Category:
Additional information
Weight 380 g
Reviews (0)
0 ★
0 Ratings
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0

There are no reviews yet.

Be the first to review “Gamanaka Satahan – ගමනක සටහන්”

Your email address will not be published. Required fields are marked *

Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader