Shop

(Showing 649 – 672 products of 745 products)

Show:
Currently Not Available For Online Orders
Currently Not Available For Online Orders

Loveena – ලොවීනා

Highlights:

බිසෝ ප්‍රකාශන

රු 1,402.50 15% Off

Hithuwakkaraya – හිතුවක්කාරයා

Highlights:

හෙරිටේජ් ලංකා ප්‍රකාශනයක්

රු 170.00 15% Off

Annapoorna – අන්නාපූර්ණා

Highlights:

1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.

රු 800.00 20% Off

අතථ්‍ය සන්නිවේදනය – Athathya Sannivedanaya (Virtual Communication)

Highlights:

අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක‍්‍රියාකාරී පරිගණක-ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සොයන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවනතත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැඟීම් මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි.ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක‍්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප‍්‍රජාවන් නිර්මාණය කිරීමත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මික සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ‍්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක‍්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.

රු 640.00 20% Off

කොන්ෆියුසියස්ගේ සුභාෂිත – CONFUCIUS GE SUBHASHITHA (THE ANALECTS OF CONFUCIUS)

Highlights:

දේශය කැලඹූ සංක‍්‍රාන්ති යුගයක් වූ වසන්ත හා සරත් යුගයෙහි (කි‍්‍ර.පූ.770-476) අග භාගයේ චීනයෙහි ජීවත් වූ කොන්ෆියුසියස්තුමා එම දේශයෙහි චින්තනය හා ආචාර විචාර පද්ධතිය ද බලවත් වෙනසකට පත් කළ ශ්‍රේෂ්ඨ චින්තකයකු මෙන් ම අධ්‍යාපනඥයකු ද වූයේ ය.
එතුමා විසින් ආරම්භ කරන ලද ‘කොන්ෆියුසියානු වාදය’ චීන සංස්කෘතියේ කේන්ද්‍රය මෙන්ම චීනයේ විශිෂ්ටතම සම්ප‍්‍රදායවල නියෝජිතයා ද වන්නේ ය.
කොන්ෆියුසියස්තුමා විසින් ඉදිරිපත් කරන ලද චින්තනයෙහි අන්තර්ගත භාෂිත හා කි‍්‍රයා ප‍්‍රධාන වශයෙන් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ යන කෘතියෙහි අන්තර්ගත වන්නේ ය.
කොන්ෆියුසියස්තුමාගේ චින්තනය චීනයට ම පමණක් සීමා නොවන්නක් වන අතර එය සමස්ත ලෝකයේ ම උරුමයක් බවට පත්ව ඇත්තේ ය. එතුමාගේ දර්ශනය වඩාත් සංක්ෂිප්ත කළහොත් එමගින් කියැවෙන්නේ, ‘යහසාධකභාවය හා යුක්තිය වැනි සද්චර්යා පවතින විට පෘථිවියේ යුද්ධයක් ඇති නොවන්නේ ය’ යන්න ය. නෝබල් ත්‍යාගලාභී විද්වතුන් හැත්තෑපස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් මගින් ‘කොන්ෆියුසියස්ගේ සුභාෂිත’ පිළිබඳව කළ සාකච්ඡුාවක දී ඉදිරිපත්වූ නිගමනය වූයේ, මනුෂ්‍ය වර්ගයාට ඉදිරියට පවතින්නට අවශ්‍ය වන්නේ නම් කොන්ෆියුසියස්ගේ බුද්ධිය අවබෝධ කර ගන්නට ශතවර්ෂ විසිපහක් ආපස්සට යා යුතු බව ය.’

රු 1,400.00 20% Off

දියකැටපහණ – Diyaketapahana

Highlights:

සිංහල බසින් සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ගැන කියවන්නට කැමති අය වෙනුවෙන් එළි දැක්වුණ පොත් ප‍්‍රමාණය නම් ඉතාම අල්පය.
අවුරුදු 20 කට වැඩි කාලයක් සිසිර දිසානායක ඉංජිනේරුවරයා ශී‍්‍ර ලංකාවේ දී ලබාගත් දැනුමත්, පළපුරුද්දත් ඇසුරින් ලියූ ග‍්‍රන්ථයකි, දියකැටපහණ කෘතිය. මෙවැනි ග‍්‍රන්ථයක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ උසස් දැනුමක්, පළපුරුද්දක්, උනන්දුවක් ඇති අයට පමණකි.
සිවිල් ඉංණිනේරු ක්ෂේත‍්‍රයේ ඇති සංකීර්ණ තාක්ෂණයන් ඉතා සරලව ඉදිරිපත් කිරීම මේ ග‍්‍රන්ථයේ විශේෂත්වයකි. සරලව පැහැදිලි කිරීම සඳහා සිසිර උපයෝගී කරගන්නේ තමන්ගේ රූපසටහන් සහ ඒවා මත තබනා කෙටි සටහන් ය. මේ දේවල් දකිනා විට සිහිපත් වෙන්නේ ලෙනාඩෝ ඩා වින්සි විද්වතාණන් පිළියෙල කර ලෝකයට දායාද කළ සටහන් ඇතුළත් චිත‍්‍රයි.
සරලව පැහැදිලි කිරීමට සිසිර දිසානායකට ඇති ලේඛන හැකියාවත්, ඇඳීමේ හැකියාවත් දීයකැටපහණ කියවන අයගේ වාසියට සහ පහසුවට හේතු වෙයි. අපගේ ඉතිහාසය වගේම ලෝකයේ ඉතිහාසය තුළ කියවෙන සිවිල් ඉංණිනේරු ඉදිකිරීම් ගැන සිසිරගේ ඇති උනන්දුව ද කියවන්නාට තවත් අතකින් දැනුම ළං කර දෙයි.

මෙම පොත A4 ප්‍රමාණයේ පිටු 250කින් සමන්විතය.

රු 1,400.00 20% Off

Deiyo Thamai Danne – දෙයියෝ තමයි දන්නෙ

Highlights:

සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !

රු 1,360.00 20% Off

Mu Nam Maha – මූ නං මහ…

Highlights:

සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 960.00 20% Off

Meki Nam Maha – මේකි නං මහා…

Highlights:

ධන කුවේරයින්, දේශපාලන බලවතුන්, ප‍්‍රකෝටිපතියන් අල්ලේ නටවමින්; ලාලිත්‍ය උතුරා ගලන, කාන්තිය කඩාහැලෙන අභිරූපිකාවන් සහ ගයන, වයන, රඟන සලෙලූ ලියන්ගේ රසාලිප්ත අත්දැකීම්..! දෙව්ලොව දෙව් සැප විඳින, සතුට උතුරා දෝරේ ගලන, තරු හතේ හෝටල් සහ සමාජ ශාලාවල සූදු කෙළින, රති සැප විඳින මිහිබට කුමර කුමරියන්ගේ සුඛෝපභෝගී කාමාශක්ත සබඳකම් පසුබිම් කර ගනිමින් ජැකී කොලින්ස් විසින් රචිත The Bitch නවකතාවේ සිංහල පරිවර්තනයයි.

රු 800.00 20% Off
Currently Not Available For Online Orders

Madame Liange Diyaniyo – මැඩම් ලියාන්ගේ දියණියෝ

Highlights:

ඇයට සිනාසීමට සිතිණ. ”මම ඔබේ බිරිඳ වීමට කැමතියි. අපි ගුරුවරයයි ගෝලයයි වගේ හිටිය මේ මාස ගාන තිස්සේම මම ඒ ගැන හිතුවා”යි සතුටින් කෑ ගැසීමට ඇයට සිතිණි. ඔහු ශක්තිමත්, වෙනත් අයට වඩා වෙනස්, චීනය අතහැර පැමිණියත් මුල් ගති සිරිත් වෙනස් නොවී ඇති නිසා ඇයට මහා සතුටක් ඇතිවිය. ඔහු චීනය ගැන සිතමින් ඉංග‍්‍රීසි බස හසුරන්නෙකි. ඇය නිහතමානි ස්වරයෙන් පිළිතුරු දුන්නාය. ”ඔබේ බිරිඳ වෙන එක මට ලොකු ගෞරවයක්”
ඇය පුදුම කරමින් ඔහු තම දකුණත මේසය දිගේ ඈ වෙතට දිගු කළේ ය. ඇගේ දකුණු අත්ල ඔහුගේ අත්ල මත තැබූණි. ඔහුගේ ඇඟිලිවලට ඒ හිරකර ගැනිණි.

රු 1,040.00 20% Off

කුර හඬෙකි වියැකෙන – Kura Hadeki Viyekena

Highlights:

කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්‍ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….

රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’

රු 1,360.00 20% Off

Digamadulle Ashcharya – දිගාමුඩුල්ලේ ආශ්චර්ය

Highlights:

ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ

රු 331.50 15% Off
Currently Not Available For Online Orders
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping