Shop

(Showing 697 – 720 products of 742 products)

Show:

පැරඩයිස් උඩ අයිස් – Paradise Uda Ice

Highlights:

කුමාර හෙට්ටිආරච්චි කිවියාගේ විවිධ සමාජ අනූභූතීන් විෂය කරගත් නව දෘෂ්ඨිමය කාව්‍ය සංකල්පනා සංග්‍රහය පැරඩයිස් උඩ අයිස්.

රු 480.00 20% Off

මරුබිම – Marubima

Highlights:

සිංහල පත්තරේක වැඩ කළත්..
දෙමළ පත්තරේක වැඩ කළත් පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ.. එක ම දේ සුරේෂ්. ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම් ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි.. මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් ගැනයි.. බය නැතුව කතා කරන එක. ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි මං.. දෙමළ පත්තරේක ම වැඩකරන්න ඕනි නෑ.ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි. නියම පුවත්පත් කලාවේදියෙක් ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම වෙලාවෙ ම එයා මානව හිතවාදියෙක්.
ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්. අනෙක එයා කාටවත් ඕන විදිහට වෙනස්වෙන මිනිහෙකුත් නෙවේ.

රු 1,080.00 20% Off

Dhawala Gimhanaya – ධවල ගිම්හානය

Highlights:

දකුණු අපි‍්‍රකානු ලේඛක අන්ද්‍රේ බි‍්‍රන්ක්ගේ A Dry White Season කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි‍්‍රකාවේ කෲර පාලනය යටතේ වූ උග‍්‍ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ්‍ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් තහනම් කරන ලදී.
තම උත්සාහය අත් නොහළ අන්ද්‍රේ බි‍්‍රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද්‍රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි.
රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි‍්‍රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභාවයත් හද කකියවන අයුරින්, ඉතා සංවේදී ලෙසින් මෙම කෘතිය මඟින් නිරාවරණය කෙරේ.
අතුරුදන්වීම් සහ මිනිස් ඝාතන පිළිබඳ යුක්තිය සොයා සටන් වදින අදීන මිනිසෙකුගේ ඛේදජනක ඉරණම, දේශපාලනමය කටුක අත්දැකීම් ලෙසින් අප රටේද ඉතිහාසයට එක්ව ඇති බැවින් ධවල ගිම්හානය සිංහල පාඨකයාට ඉතා හෘද සංවේදී කෘතියක් වනු නොඅනුමානය.

රු 1,360.00 20% Off

Heufant Preme – හියුෆන්ට් ප්‍රේමේ

Highlights:

එකෙක් ඇතුළට ආවා දහයයි පහට. ඔළුවෙ මැද තීරුවක් ඉතුරු වෙන්න ඉතුරු ටික ඔක්කොම තට්ටෙ ගාලා… කනකට කරාබුවකුත් දාලා… ඉරිච්ච ඩෙනිමයි… ටී ෂර්ට් එකයි… හං සෙරෙප්පු…
ඌ මේකෙ වැඩ කරන එකෙක් බව ෂානා දැනගත්තෙ බිත්තියෙ පැත්තකින් තිබ්බ ඇඟිලි සලකුණු යන්ත්‍රෙට ඇඟිල්ල ඔබපු නිසා…
ඌ නිකං ෂානා දිහා බැලුවෙ, අමුතු සතෙක් දිහා බලනව වගේ. ෂානට අපහසුවක් දැනුණ… ඌ ඇතුළට ගියා.
ඊට පස්සෙ ආවා තව එකෙක්… හෑන්ඩ්ලුම් සරමක් ඇඳලා… දිග කුර්තාවක් ඇඳලා… සිගරට් එකකුත් බිබී… ඌත් අරකට ඇඟිල්ල එබුව. ‘ඒ කියන්නෙ ඌත් මේකෙ වැඩකරන එකෙක්.’ ෂානා හිතුවා. ‘යකෝ මුං දැන්ද වැඩට එන්නෙ..?’ ඌත් ෂානා දිහා බැලුවෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ. ෂානට ආයෙ අපහසුවක් දැනුණා. ඌත් ඇතුළට ගියා.
ත්‍රී ක්වාටර් ඩෙනිමයි, ටී ෂර්ට් එකයි ගහගෙන කෙල්ලෙක් ආවා. බත් කෙණ්ඩෙ මකරෙක්. ඇඟිල්ල එබුවා… ෂානා දිහා පුදුමෙන් වගේ බැලුවා… ඇතුළට ගියා.
පිළිගැනීමේ කවුන්ටරේ හිටියෙ කෙල්ලෙක්. ඒකි මෙලෝ සිහියක් නැතුව මොනවද කනවා.
ඊට පස්සෙ ආවෙ කොට කලිසමක් ඇඳලා, රබර් සෙරෙප්පු දෙකක් දාලා, කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවාගත්තු බමුණෙක් වගේ එකෙක්. ඌ නිකං චේ ගුවේරා වගේ රතු තරුවක් තියෙන චේ කැප් එකක් දාගෙන හිටියා. මිනිහත් ඇඟිල්ල එබුවා. ෂානා දිහා අමුතු විදිහට බැලුවා. ඇතුළට යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් ෂානත් එක්ක කතා කළා.
“මල්ලි කාව හරි ඉන්ෂුවරන්ස් කරන්නද?”
ෂානා උඩ බිම බැලුවා. ‘ඉන්ෂුවරන්ස් කරන්න?’ ෂානා හිතුවා.
“මල්ලි මොන ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන්ද? කාව හම්බවෙන්නද ආවෙ?”

රු 800.00 20% Off

Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි

Highlights:

මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.

රු 560.00 20% Off

SIMPLE SIMON- සිම්පල් සයිමන්

Highlights:

නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.

රු 800.00 20% Off

Suwineetha mama saha cinemawa – සුවිනීතා මම සහ සිනමාව

Highlights:

සිංහල සිනමාවේ අතිදක්ෂ චරිතාංග නිරූපණ ශිල්පිනියක වන
සුවිනීතා වීරසිංහගේ කඳුළ සිනාව, දුක සතුට, සොම්නස, දොම්නස කැටි කරගත් දුර්ලභ විචිත‍්‍ර ඡායාරූපාවලියකින් අලංකෘත වූ ජීවන වෘත්තාන්තය සුවිනීතා මම සහ සිනමාව ග්‍රන්ථය විශාල ප්‍රමාණයේ පිටු 240කින් සමන්විතය…

රු 2,550.00 15% Off

Diriya Diyaniya – දිරිය දියණිය

Highlights:

උපතින්ම දෙපා ආබාධිත දහසය හැවිරිදි තරුණියක වූ නිව්ජීන් මුස්තාපා, සිරියාවේ ඇතිවූ බිහිසුණු සිවිල් යුද්ධයෙන් ජීවිතය බේරාගැනීම සඳහා සරණාගතයකු ලෙසින් රෝද පුටුවක නැගී සැතපුම් 3,593 ක මඟ ගෙවා පැමිණි අති දුෂ්කර ගමන පිළිබඳව ඇය විසින්ම විස්තර කරනු ලබන ලොමුදැහැ ගැන්වෙන ත‍්‍රාසජනක අත්දැකීම් සපිරි සත්‍ය කතාව.

රු 1,000.00 20% Off

ප්‍රේමසුත්‍ර – Premasutra

Highlights:

‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’

රු 1,120.00 20% Off

හද සක් චාරිකා – Hada Sak Charika

Highlights:

ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්‍යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප‍්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක‍්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත‍්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.

රු 1,400.00 20% Off

ප්‍රේම පුරාණය – Prema Purane

Highlights:

පේ‍්‍රම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රග දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට්‍යය, පුවත්පත්, සගරා සහ පොත් ප‍්‍රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක්ෂේත්‍රයටම ඔහුගේ කලාත්මක හා සාහිත්‍ය දැනුම ප‍්‍රායෝගිකව මැදිහත් කළේය.
පේ‍්‍රම් මැදිහත් වී ආලෝකවත් කළ එම කලා යුගය අවබෝධ කර ගැනීමට අවශ්‍ය විචාරක මෙවලම් සකස් වී නැති බව මගේ මතයයි. ඔහු කතුවරයා වූ ‘විචිත‍්‍ර’, කලා පුවත්පත තුළින් මුලින් ඉදිරිපත් කළ ‘ජනපි‍්‍රය සංස්කෘතිය’ පිළිබඳ සංකල්පයද එවන් මෙවලමකි. මේ ග‍්‍රන්ථයේ පළකරනු ලබන ජෝතිපාල ගැන ලියන ලද ඔහුගේ හා මගේ ලිපි එම සංකල්පය දියත් කිරීමට බෙහෙවින් ඉවහල් විය.
වැදගත් මෙන්ම අනුස්මරණය කළ යුතු එම යුගයේ ප‍්‍රධාන චරිත, ඔවුන්ගේ ගති පැවතුම්, ආකර්ෂණීය විවිධ අත්දැකීම්, මනා ලෙස ඉදිරිපත් කරන මේ ග‍්‍රන්ථය, අපට අමතක වීගෙන යන එම යුගය කෙරෙහි නැවතත් අවධානය යොමු කරවයි.
– ආචාර්ය සරත් අමුණුගම

රු 1,200.00 20% Off
Scroll To Top
Close
Close
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

preloader