Weight | 120 g |
---|
Handa Ka Mee Pancha – හඳ කෑ මී පැංචා
රු 80.00 රු 100.00
Price Summary
- රු 100.00
- රු 80.00
- 20%
- රු 80.00
- Overall you save රු 20.00 (20%) on this product
Be the first to review “Handa Ka Mee Pancha – හඳ කෑ මී පැංචා” Cancel reply
Related Products
Recently Viewed
Divi Paraduwa – දිවි පරදුව
විසිවැනි සියවසේ මුල් භාගයේ නිව්යෝර්ක් නගරය ඇතුළු අමෙරිකා එක්සත් ජනපද නගරවල පැවැති සමාජ වාතාවරණය පසුබිම් කරගත් මෙම කෘතිය තුළින් ඒ කාලයේ යුදෙව්වනට හා කළු ජාතිකයන්ට එරෙහිව එල්ල වී තිබුණු වර්ගවාදී සමාජ පීඩනය නිරූපණය කරේ. ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛක හැරල්ඩ් රොබින්ස් රචිත මෙම කෘතිය සරල වූත්, උද්වේගකර වූත් ජීවන අත්දැකීම් ඔස්සේ ජීවිතය පිළිබඳ මානුෂික විවරණයක් තුළින් පාඨක සිත්සතන් කම්පනයට පත්කරවයි.
මම ඔවුන් දෙදෙනා දෙසම බැලීමි. මගේ දෑසට උණු කඳුළු උනනු දැනුණේය. කතා කරගන්නට උත්සාහ කළත් මට කතා කරගන්නට බැරි විය. මම ඔවුන් දෙස බලා සිටියදී දෑස් කඳුළු පිරී මගේ කම්මුල් දිගේ ගලා ගියේ ය. මම නිහඬව එතැන උන්නේ වැළපෙමින් නොවේ. එහෙත් මගේ කම්මුල් දිගේ කඳුළු ගලා යද්දී හදවතින් හැඬුවෙමි. ඔවුහු කතා නොකර මා දෙස බලා උන්හ. නැන්දාගේ දෑසටද කඳුළු ආවේය. මම ඉවත හැරී මගේ කාමරයට දිව ගොස් ඇඳේ මුණින් වැතිරුණෙමි.
Chakrawarthi – චක්‍රවර්ති
සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
There are no reviews yet.