Ali Dole – – අලි ඩෝලේ
2019 හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ‘අලි ඩෝලේ’ අලි වැට බැඳීම, අලි වෙඩි දැමීම වැනි අසාර්ථක විසඳුම් වෙනුවට, අලි මිනිස් ගැටුමට පාරම්පරික අත්දැකීම් ඔස්සේ සැබෑ විසඳුමක් සොයා යන, යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයක් වටා ගෙතුණු විචිත්‍රවත් කෘතියකි.
Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස
රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්රාහිත යොවුන් නවකතාවකි.
Andhakaara Meheyuma – අන්ධකාර මෙහෙයුම
ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.
Satanak meda satanak – සටනක් මැද සටනක්
70 දශකයේ පිටිසර වෙද විදුහලක වෛද්‍යවයකු වීමේ අභිප්‍රාය පෙරදැරිකරගෙන ශිල්ප හැදෑරූ සිසුවකු තම ඉලක්කය වැරදී ගුරුවරයකු වීමත්, පුවත් වාර්තාකරණය ප්‍රගුණ කර දක්ෂ ලේඛකයකු වීමත්, ඔහු මුහුණ පාන විවිධ සමාජ විපර්යාස පිළිබදවත් ගෙතුන රසබර යොවුන් නවකතාවකි.