105
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Ali Dole – – අලි ඩෝලේ
2019 හොඳම යොවුන් නවකතාවට හිමි රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ‘අලි ඩෝලේ’ අලි වැට බැඳීම, අලි වෙඩි දැමීම වැනි අසාර්ථක විසඳුම් වෙනුවට, අලි මිනිස් ගැටුමට පාරම්පරික අත්දැකීම් ඔස්සේ සැබෑ විසඳුමක් සොයා යන, යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයක් වටා ගෙතුණු විචිත්‍රවත් කෘතියකි.
Aluth gedara abirahasa – අලුත් ගෙදර අබිරහස
රට පුරා නිරුපද්‍රිතව වේගයෙන් පැතිර යමින් තරුණ පරපුර
විනාශ මුඛයට ඇදහෙලන මත්ද්‍රව්‍ය වසංගතයට එරෙහිව නැගී
සිටි පාසල් ළමුන් දෙදෙනෙකුගේ සද් ක්‍රියාවක් පසුබිම් කර
ගනිමින් රචිත පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ
අනුග්‍රාහිත යොවුන් නවකතාවකි.
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
AMARADEWA – අමරදේව
නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණයේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.
America – ඇමෙරිකා
ග්රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.
Amityville – ඇමිටිවිලා
1975 – 76 වසරවල සංචාරක ළමා පිරිසකගේ ගවේශණයක
අතරමංවීමක් හරහා සිදුවූ මායාකාරී සිවීම් පාදක කරගත්,
අමෙරිකාවේ අද්භූත සිද්ධි ඉතිහාසයේ ඉමහත් ආන්දෝලනයට
ලක්වූ ගුප්ත නිවසක් ගැන ලියැවුණු කුතුහලය හා ත්‍රාසය සපිරි
සත්‍ය කතාවකි.
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Andhakaara Meheyuma – අන්ධකාර මෙහෙයුම
ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බරේ
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Ata Gehiyan – ඇට ගැහියං
ත්‍රාසජනක කතා රචක ස්ටීවන් කිංග්ගේ …………. පොතේ සිංහල පරිවර්තනයයි. අහිගුණ්ඨික ශාපයක් නිසා දිනෙන් දින බර අඩුවී ඇටසැකිල්ලක මට්ටමට පත්වෙමින් මරණය කරා ළඟා වන නීතිඥවරයෙකුගේ මරණය වටා ගෙතුණු කුතුහලය දනවන රසබර කතාවකි.
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…