Weight | 105 g |
---|
Rasamma – රාසම්මා
රු 125.00 රු 250.00
Price Summary
- රු 250.00
- රු 125.00
- 50%
- රු 125.00
- Overall you save රු 125.00 (50%) on this product
Be the first to review “Rasamma – රාසම්මා” Cancel reply
Related Products
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Recently Viewed
Lakshmi nowu lakshmi – ලක්ෂ්මී නොවූ ලක්ෂ්මී
තම බඩ වියත උදෙසා ඩාබිදු හෙළන අසරණියක් කාමාතුරයන්ගේ
ලිංගික සූරාකෑමට එරෙහිව සටන්වැද අවසානයේ මිනීමරු
ස්ත්‍රියක් බවට පත්වීමේ අනුවේදනීය කතාවයි.
Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී
ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
There are no reviews yet.