සම්මානනීය පකිස්තානු ලේඛිකා ටෙහ්මිනා දුරානිගේ ‘Blasphemy’ නමැති සත්‍ය සිද්ධියක් පාදක කර ගනිමින් රචිත නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉස්ලාම් ආගමික නායකයකු, ඉස්ලාම් ධර්මයට මුවාවී, ඒ ධර්මය විකෘති කරමින් තම පහත් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය මෙම නවකතාවෙන් නිරූපිතය. පසළොස් වන වියේදී තුන්වැනි බිරිඳ ලෙසින් මෙම ආගමික නායකයා සමඟ විවාහ වන දැරියක්, තම ජීවිත කාලය පුරා ශාරීරිකව මෙන්ම මානසිකව ද ඔහු අතින් විඳි කුරිරු අමානුෂික වධ හිංසා ඇගේ මුවින් පැවසෙන ආකාරයට මෙම නවකතාව නිර්මාණය කර ඇත. තම කුඩා දියණිය සමඟ පවා අනාචාරයේ හැසිරෙන මෙම කාමාතුරයා ගේ තිරශ්චීන කි්රයාවන් සියල්ල ඇසින් දකින, මානසිකව විඳින අසරණ බිරිඳකගේ ශෝකාලාපයයි ඝෝර යාත්‍රා.
ඝෝර යාත්‍රා – Gora Yathra
රු 1,200.00 රු 1,500.00
Price Summary
- රු 1,500.00
- රු 1,200.00
- 20%
- රු 1,200.00
- Overall you save රු 300.00 (20%) on this product
Weight | 440 g |
---|
Be the first to review “ඝෝර යාත්‍රා – Gora Yathra” Cancel reply
Related Products
BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ
මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.
Free Kick – ෆ්‍රී කික්
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Dam Pahe Mamiya – දම් පැහැ මමිය
රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Awasan Gamana – අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි
Dawala Andakaraya – ධවල අන්ධකාරය
ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
There are no reviews yet.