Weight | 425 g |
---|
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
රු 300.00 රු 600.00
Price Summary
- රු 600.00
- රු 300.00
- 50%
- රු 300.00
- Overall you save රු 300.00 (50%) on this product
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Be the first to review “ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය” Cancel reply
Related Products
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Recently Viewed
Dadayakkarayage Kathawa – දඩයක්කාරයාගේ කතාව
වනාන්තරය හා බැඳුණු ජීවන අත්දැකීම් ඉදිරිපත් කෙරුණු ප්‍රථම
සිංහල නවකතාව ලෙසින් විචාරක ඇගයීමට ලක් වූ සයිමන්
නවගත්තේගම සුරීන්ගේ නිර්මාණ පෙළහරේ අතිශය විචිත්‍රවත්
නවකතාවයි.
HANDAWEN EHA RAJJE – හැන්දෑවෙන් එහා රාජ්ජේ
සත්‍ය මනුෂ්‍ය අත්දැකීම් හා ජනශ්‍රැතික තොරතුරු පසුබිම් කර ගනිමින් අධි යථාර්ථවාදී රීතිය අනුව ලියැවුණු නවකතාවකි.
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
Adara Ankura – ආදර අංකුර
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.
There are no reviews yet.