Weight | 425 g |
---|
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
රු 300.00 රු 600.00
Price Summary
- රු 600.00
- රු 300.00
- 50%
- රු 300.00
- Overall you save රු 300.00 (50%) on this product
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Be the first to review “ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය” Cancel reply
Related Products
Recently Viewed
SUNIL SHANTHA-HELA GIYE MUDUN MULA SAHA MUDUN MALA – සුනිල් සාන්ත – හෙළ ගීයේ මුඳුන් මුල සහ මුඳුන් මල
සංගීතවේදි සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැගවුණු රසමුසු අරකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර්යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්රදාය ප්රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.
හද සක් චාරිකා – Hada Sak Charika
ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Sansararannyaye Asabada – සංසාරාරණ්‍යයේ අසබඩ
සම්මානනීය සාහිත්‍යධරයාගේ ආන්දෝලනාත්මක නිර්මාණය
ලෙස සැලකෙන, 1998 රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ තවත්
සාහිත්‍ය සම්මාන රැසක් දිනාගත් විශිෂ්ටතම නවකතාවේ නවතම
මුද්‍රණයයි.
There are no reviews yet.