Weight | 60 g |
---|
Bampie Ranchie – බම්පියි රංචියි
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Bampie Ranchie – බම්පියි රංචියි” Cancel reply
Related Products
Recently Viewed
Texasaye Wedikkaraya – ටෙක්සාසයේ වෙඩික්කාරයා
බැන්ඩීරා හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සීසීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජොනී රාඩාර් නීතිධාරියකුගේ වෙඩි පහරින් මිය යයි. ජොනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමී හැරිසන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්රසිද්ධියේ ජීවත් වෙයි. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොම් රාඩාර් ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු සමඟ තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණෙයි. මෙය අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා රචනා කළ ප්‍රවීණ කතුවර ලූක් ගෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ් කේස් නමැති ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයකි.
Sandya Saha Vindya – සන්ධ්‍යා සහ වින්ධ්‍යා
සයිමන් නවගත්තේගමයන්ගේ, නොපළ කෘතියක් වූ ‘සන්ධ්‍යා
සහ වින්ධ්‍යා’ නිඹුල් සොහොයුරියන් දෙදෙනෙකු කේන්ද්‍ර
කොටගත් නව ආරක නවකතාවකි.
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Sansararanyaye Urumakkaraya – සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම
කෘතියෙන්, ශිෂ්ට සමාජයට විවර නොවූ, වන ජීවිතය පිළිබඳව
සානුකම්පිතව හා ගැඹුරින් විග්රහ කර ඇත.
Madaran – මඩරන්
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
There are no reviews yet.