Dangakara Thun Iri Appu – දඟකාර තුන් ඉරි අප්පු
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Related Products
Recently Viewed
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
God Father – ගෝඩ්ෆාදර්
අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.
UTHPALAWANNA – උත්පලවණ්ණා
උත්පලවණ්ණා රහත් තෙරණිය පිළිබඳ සම්භාවිත බොදු චරිත කතාවේ ආකර්ෂණීය ප්‍රතිනිර්මාණය.
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
Awasan Gamana – අවසන් ගමන
ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි
HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා
එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.
Gimhana Geethaya – ගිම්හාන ගීතය
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.
There are no reviews yet.