Weight | 170 g |
---|
Mahakala – මහාකාල
රු 150.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 150.00
- 50%
- රු 150.00
- Overall you save රු 150.00 (50%) on this product
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Be the first to review “Mahakala – මහාකාල” Cancel reply
Related Products
Recently Viewed
Mahakanadara Neyo – මහකනදරා නෑයෝ
සෙනග කන්දරාව මහ කනදරා බැම්ම මතින් ආපසු ගියහ. එහෙත්, ගල් පාරවල් දෙක තුනක් වහළයට වැදුණි. සරණපාල දොර ජනෙල් වසා දැමීය. සංවේගයත්, කෝපයත් හතරවිළි ලැජ්ජාවත් ඔහුගේ සිතේ පිටු පෙරළවීය. දෙවගනක මෙන් රූ ඇති ගැහැනිය වෙනුවට දැන් ගෙදර සිටින්නී නිකම්ම ගැහැනියකි. සිය දරුවන් වැදූ ගැහැනිය නොවේ. ලෝචනා නොව තමාට අහිමි වූයේ පුංචිනාය. තමා හා එකට දුක බෙදාගත් දයාබර සුන්දර බිරිඳය. ඈ ක්‍රමයෙන් ලෝචනා බවට පත් වූයේ තමාගෙන් ගිලිහී සුද්දාට ළං වෙමිනි. ඉන්පසු ඈ තුළ වූයේ කොළඹ තාලෙට හැඩ ගැසුන අකීකරු බිරිඳකි. තමාට හැකි වූයේ අන්න ඒ දෙවෙනි ගැහැනියයි. ඔහු ආලින්දයට පැමිණ පඩිය මත වාඩි විය.
තමාගේ කබල් බයිසිකලය පිළිකන්නේ දිරාපත්ව යයි. ජීවිතය ද එසේමය. සියල්ල මළකඩ කා දිරාපත් වෙයි. මිනිසුන්ගේ අපහාස සිනාහඬ, ගල් පහරවල් ටික දිනකින් උන්ටම අමතක වනු ඇත.
Lee Kuan Yew – ලී ක්වාන් යූ
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Adara Ankura – ආදර අංකුර
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ
ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
There are no reviews yet.