Weight | 60 g |
---|
Me Ahanna Balu Patiyo – මේ අහන්න බලු පැටියෝ
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Me Ahanna Balu Patiyo – මේ අහන්න බලු පැටියෝ” Cancel reply
Related Products
Recently Viewed
Suddilage Kathawa – සුද්දීලාගේ කතාව
ස්ත්‍රීන් තුළ වන සරාගි සුකුමාරත්වයෙන් සපිරිව සිදාදියෙන් ගමට
ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකාවන්ගේ විෂම
චර්යාවන් නිරූපණය කරන නවකතාවකි.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Indumathi – ඉන්දුමතී
අතිශය චමත්කාරයකින් පාඨක සිත් පුරවාලමින් ජීවිත යථාර්ථය හඳුනා ගැනීමට කවුළු විවර කරන කෙටිකතා සංග්‍රහය.
කුර හඬෙකි වියැකෙන – Kura Hadeki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
Danga Pancha Emilge Hapankam – දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්
ලොව පතල ළමා කතා කතුවරියක වන ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රේන් මැවූ එමිල් චරිතය ළමා විය සුරතල් අවධිය ඕනෑම අයකුට සිහිපත් කරවන රසවත් කතා මාලාවකි.
Yakage Kalliya – යකාගේ කල්ලිය
ලෝකප්‍රකට ජේම්ස් හැඞ්ලි චේස්ගේ One Bright Summer Morning නමැති ත්‍රාසජනක නවකතාවේ සිංහල පරිවර්තනය.
There are no reviews yet.