Muwa Hamita Apuru Yaluwek – මුව හාමිට අපූරු යාළුවෙක්
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Related Products
Recently Viewed
Madaran – මඩරන්
‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
Prema Sandawo 5 – ප්‍රේම සැඳැවෝ 5
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිව්‍යාජ කතාන්දරයේ 5 වෙනි කොටසයි.
Dam Pahe Mamiya – දම් පැහැ මමිය
රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.
There are no reviews yet.