Weight | 60 g |
---|
Narihamige Awankakama – නරි හාමිගෙ අවංකකම
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Narihamige Awankakama – නරි හාමිගෙ අවංකකම” Cancel reply
Related Products
Recently Viewed
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්
HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා
එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Sahada – සහදා
වන්නියේ උරුමකරුවෙකු වූ සහදා – ප්‍රෙමය වෙනුවෙන් කළ ආත්ම පරිත්‍යාගයේ සහ වියපත් නොවන ප්‍රෙමයේ මහිමය.
Sarala Sinhala Wyakarana – Grade 6 – සරල සිංහල ව්‍යාකරණ – 6 ශ්‍රේණිය
6 වන ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය නව විෂයට අදාළ ව්‍යාකරණ කොටස් ප්‍රගුණ කිරීම සඳහා ගුරු සිසු දෙපිරිසටම අගනා මාර්ගෝපදේශකයක් වන කෘතියකි.
Raja Gedara -රජ ගෙදර
මහජනතාව පීඩාවට පත් කිරීමට හේතු වූ සුදු අධිරාජ්‍යවාදීන්ගේ
පාලන අධිකාරියක් වූ ගම්මුලාදෑනි ක්රමයේ දුර්දාන්ත
අන්තනෝමතික තීන්දු තීරණ නිසා දුක් ගැහැට පාදක කර
ගනිමින් කුරුදු කර්මාන්තයේ යෙදුණු පවුලක් වඩා ගෙතුණු
රසබර නවකතාවකි.
Wasana dineki meka – වාසනා දිනේකි මේක
ත්‍රස්තවාදය, පාතාලය, සංක්‍රමණික ජාවාරම් ආදියේ ප්‍රධාන
ක්රියාකාරකයන්, ආදරයේ ශෘංගාරයේ ගිලෙමින්, ජීවිතයේ
අපූර්වත්වය විදහා ලමින් ජීවන කරළියේ රැගුම් කැටිකරගත්
ආස්වාදජනක නවකතාවකි.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Lee Kuan Yew – ලී ක්වාන් යූ
කලක් මඩ වගුරක්ව පැවැති භූමියක් ලෝකයේ සංවර්ධිත නගර රාජ්‍යයත් බවට පත් කිරීමේ උරුමය සිය ජනතාවට අත්පත් කර දුන් දුර්ලභ ගණයේ නායකයකු වශයෙන් ලී ක්වාන් යූ ඉතිහාසය ගත වී තිබේ. ඔහුගේ තීක්ෂණ නායකත්වයේ ප්‍රකට ලක්ෂණ පිළිබඳව හැදෑරීම ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල නායකයින්ට ද මාර්ගෝපදේශ ලැබිය හැකි ව්‍යායාමයක් වෙයි.
අරමුණක් කරා නොසෙල්වී හඹා යාමේ මනෝභාවය, විවේචන හා විග්රහයන් දෙස ඉවසිලිමත්ව සවන්දීම, ජවසම්පන්න නායකයකු සතු පෞරුෂත්වය වැනි ප්‍රායෝගික අකම්පිත ලක්ෂණවලින් පරිපූර්ණ වූ ලී ක්වාන් යූ රාජ්‍ය නායකයාගේ ජීවන චරිතය පිළිබඳ වැදගත් තොරතුරුවලින් පරිපූර්ණ වූ මෙම කෘතිය රාජ්‍යත්වය හා සංවර්ධනය පිළිබඳ කැඩපතකි.
There are no reviews yet.