Weight | 445 g |
---|
Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4
රු 1,600.00
Price Summary
- රු 1,600.00
- රු 1,600.00
- රු 1,600.00
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වෙමින් අලෙවි වාර්තා තැබූ “Fifty Shades of Grey” කෘතියේ පරිවර්තන මාලාවේ සිව්වැනි කොටස දැන් නිකුත් වී තිබේ. කෝටිපති ව්‍යාපාරිකයකු හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක හා භාවාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වක් වන මෙම කෘතිය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
Be the first to review “Prema Sandawo 4 -ප්‍රේම සැඳැවෝ 4” Cancel reply
Related Products
Dam Pahe Mamiya – දම් පැහැ මමිය
රුසියානු බසින් ලියන ලද ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ කතා හතරක් අඩංගු මෙම කෘතිය සමාජ මානසික හා සදාචාරාත්මක ගැටලු ගවේශනය කිරීම සඳහා සැපයෙන පරිකල්පනීය මාර්ගෝපදේශනයකි.
Dawala Andakaraya – ධවල අන්ධකාරය
ගැමි රූමතියක හා නාගරික ධනවතෙකු අතර විවාහයේ ඛේදවාචකය පිළිබිඹු කරන, සම්මානනීය ඉන්දියානු ලේඛිකා සුධා මූර්ති ලියූ ‘මහාශ්වේතා’ නවකතාවේ සිංහල පරිවර්තනයයි.
VISHISHTAYA KRISHTOF – විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් පෝලන්ත මහා සිනමාවේදී ක්රිෂිෂ්ටොෆ් කිසලොව්ස්කිගේ සිනමාවලෝකනය සහිත චරිතාපදානය
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
Danga Pancha Emil – දග පැන්චා එමිල්
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්රේන්ගේ ලෝප්‍රකට දඟ කතා මාලාවේ ” Emil in the soup taurine” නැමැති කෘතියේ පරිවර්තනය.
NIRODAYANA CHARIKA – නිරෝධායන චාරිකාව
එකිනෙකට වෙනස් වූ අනුභූතීන්, සන්දර්භයන් හා ආකෘතීන් ඔස්සේ ප්‍රතිනිර්මාණයේ හැඩතල
මතු කෙරෙන කෙටිකතා එකතුව.
Free Kick – ෆ්‍රී කික්
Kantharaye Kusuma – කාන්තාරයේ කුසුම
එඬේර කෙල්ලකව ඉපිද ලිංගික ප්රචන්ඩත්වයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව, ජීවිතයේ අනෙක්විධ දුක් කම්කටළු, හිරි හැර බාධක ජය ගනිමින් සමාජයේ ඉහළම හිණි පෙත්තට පා තැබූ දිරිය ගැහනියකගේ අනුවේදනීය සත්‍ය කතාව
Mission Einstein – මිෂන් අයින්ස්ටයින්
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.
There are no reviews yet.