Weight | 235 g |
---|
Rohana Rajini – රෝහණ රාජිනී
රු 187.50 රු 375.00
Price Summary
- රු 375.00
- රු 187.50
- 50%
- රු 187.50
- Overall you save රු 187.50 (50%) on this product
Be the first to review “Rohana Rajini – රෝහණ රාජිනී” Cancel reply
Related Products
Recently Viewed
Usas Pela Keti Katha – උසස් පෙළ කෙටි කතා
2017 උසස් පෙළ නව විෂය නිර්දේශයට ඇතුළත් කෙටිකතා රසවින්දනය හා විචාරය ප්‍රගුණ කිරීම සදහා අගනා අත්වැලක් සපයන මෙම කෘතිය ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට යෝග්‍ය ලෙස සැකසී ඇති අතර ගුරුභවතුනට ද අගනා මාර්ගෝපදේශයක් වේ.
Gini Mada Sakmana – ගිනි මැද සක්මන
ලෝකයම කුරිරු ව්‍යසනයකට ගොදුරු කළ හිට්ලර්ගේ දෙබිඩි ජීවිතය මෙන්ම ඔහුගේ ඒකාධිපති වියරුවේ අවසානයද විස්තරාත්මකව හෙළිකරන ඔහුගේ ලේකම්වරියගේ ‘Bis zur letzten Stunde’ නම් සත්‍ය කතාවේ පරිවර්තනයයි.
කුර හඬෙකි වියැකෙන – Kura Handaki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
Jeewithaye Siyalla Athhala Sadhuwaraya – ජීවිතය සියල්ල අත්හළ සාධුවරයා
ප්රකාශනය – සරසවි ප්‍රකාශකයෝ
There are no reviews yet.