
BRINGING TONY HOME
The winner, Gratiaen Prize for 1996. Tissa Abeysekara has
given evidence of so much understanding of experience and
deployment of language and fictional form.
Bauddha Shishtacharaya – බෞද්ධ ශිෂ්ටාචාරය
උසස් පෙළ නව නිර්දේශය යටතේ පෙළගස්වා ඇති මෙම කෘතිය ස්වං අධ්‍යයනය සඳහා ද ප්‍රයොජන්වත් අත්පොතකි.
Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්
දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.
Sisilagni – සිසිලාග්නි
ආදරය, අනුරාගය හා දේශපාලනය නිසා උන්මාදයට පත් තරුණ මානවකයකුගේ ජීවන අත්දැකීම් වියමන.
Vivahakaya – විවාහකයා
2020 ගොඩගේ සම්මානිත හොදම පරිවර්තන කෘතියයි…..
විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්රරබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිඣිමට සමත් වූ ඞී.එච්. ලෝරන්ස් නව මං සෙවීමෙහි පුරෝගාමී වූ පෙරළිකාර චරිතයකි. ගතානුගතිකත්වයට හා සමාජ සම්මුතීන්ට පිටුපා යමින් තම ජීවන දෘෂ්ටිය සිය නිර්මාණවල චරිතානුසාරයෙන් අභීතවත්, අදීනවත් ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් ඔහුට නොයෙකුත් තහංචි සහ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. නොබියව අදහස් පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්රයේ නිම් වළලූ පුලුල් කිදීමට පෙරමුණ ගත් ලේඛකයන් කීප දෙනා අත˙න් කැපී පෙනෙන ච˙තයක් ලෙසින් ඔහු ඉතිහාසයට එක් වූයේ ඉමහත් ආන්දෝලනාත්මක නිර්මාණ විශ්ව සාහිත්‍යයට මුදාහරිමිනි. ‘විවාහකයා’ කෘතිය තුළින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‍ය තොරතුරු මෙන්ම ඔහුගේ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිබන්ධයන්ගේ චරිත විකාශනය පිළිබඳව ද මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් පාඨකයා ඉදිරියේ නිරාවරණය වෙයි.
Wasa Wasi – වසා වාසි
සමන් අතාවුදහෙට්ටි Saman Athaudahettiවිසින් පරිවර්තනය කරන ලද අලුත්ම නවකතාව “වසා වාසි”ය.වියට්නාම් නවකතාවක් වන මෙය මම අනුමාන කරන ආකාරයට ලාංකික පරිවර්තන සාහිත්‍ය වෙත එක්වන පළමු වියට්නාම් කෘතියයි.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
O2 Adare – O2 ආදරේ
ජෝන් ග්‍රීන්ගේ The Fault in our Stars නමැති ආනියම් වාර්තා බිඳ හෙලීමට සමත් වූ The Fault in our Stars නමැති කෘතියේ සිංහල අනුවාදයයි.