| Weight | 430 g |
|---|
Prema Sandawo 1 – ප්‍රේම සැඳැවෝ 1
රු 880.00 රු 1,100.00
Price Summary
- රු 1,100.00
- රු 880.00
- 20%
- රු 880.00
- Overall you save රු 220.00 (20%) on this product
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey”නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.
Be the first to review “Prema Sandawo 1 – ප්‍රේම සැඳැවෝ 1” Cancel reply
Related Products
105
ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.
KAL IKUTH WU MINISA – කල් ඉකුත් වූ මිනිසා
ලෝකප්‍රකට වංග කෙටිකතාකරුවන් දස දෙනෙකුගේ අති රමණීය කෙටිකතා රැසක සිංහල පරිවර්තනය.
Abdul Kalam Dharmishta Palanayak – ආචාර්ය අබ්දුල් කලාම් ධර්මිෂ්ඨ පාලනය
ආචාර්ය අබ්දුල් කලාම් සූරීන්ගේ ‘ධර්මිෂ්ඨ පාලනය’ නමැති කෘතිය හරහා සමාජගත කරන්නට උත්සාහ දරන්නේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම එක් පාර්ශවයකට හෝ ජන කොටසකට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා විශේෂතා කිසිත් නොසලකමින් සමස්ත ජනතාවගේ ආකල්පවල පැහැදිලි ධනාත්මක පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්ය. මෙම කෘතිය ආකල්පමය වශයෙන් ධනාත්මක පරිවර්තනයන් ජනමනස තුළ ජනිත කිරීමට සාකල්‍යයෙන්ම දායක වනු නිරනුමානය. මේ මගින් ශ්‍රී ලාංකේය පාඨක ජනතාවට සිය ස්ථාවරයන් නිවැදිවථව හදුනා ගැනීමත්, නව දැක්මකින් සිය චින්තනය සුපුෂ්පිත කර ගැනීමටත් මං විවර වනු ඇත.
Welapenni Awakanni – වැලපෙන්නි අවකන්නි
කෲර මුස්ලිම් අන්තවාදයේ භීෂණයට ගොදුරු වූ ඇෆ්ගන් කාන්තාවන්ගේ ඛේදනීය ඉරණම පිළිබඳ කතාව.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
Masurage Diyaniya – මසුරාගේ දියණිය
උත්තම භාර්යාවක් හා උත්තම මවක් වීමට සුදුසුකම් ලද, එහෙත් සැමියෙක් හා දරු පවුලක් නොමැති ගැහැනියක පිළිබඳව ප්‍රංශ මහා ගත්කරු බල්සැක් විසින් රචිත ලෝක ප්‍රකට නවකතාවේ සිංහල පරිවර්තනය
Amapen Soyannee – අමාපැන් සොයන්නී
ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.
Danga Pancha Emil – දග පැන්චා එමිල්
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්රේන්ගේ ලෝප්‍රකට දඟ කතා මාලාවේ ” Emil in the soup taurine” නැමැති කෘතියේ පරිවර්තනය.
Mission Einstein – මිෂන් අයින්ස්ටයින්
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
BEESHANAYE KURIRU MUHUNA – භීෂණයේ කුරිරු මුහුණ
මෙරට අන්තවාදී දේශපාලනය විසින් බිහි කරන ලද ඝාතන සංස්කෘතියේ අති භයංකාර සත්‍යය නිරාවරණය කෙරෙන ආන්දෝලනාත්මක කෘතියකි.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
Recently Viewed
Prema Sandawo 3 – ප්‍රේම සැඳැවෝ 3
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ තෙවැනි කොටස තුළින් කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වකි.
Prema Sandawo 5 – ප්‍රේම සැඳැවෝ 5
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිව්‍යාජ කතාන්දරයේ 5 වෙනි කොටසයි.
Prema Sandawo 1 – ප්‍රේම සැඳැවෝ 1
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey”නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප්‍රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.වැන්කූවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව්‍යාපාරිකයකු වන ක්‍රිස්ටියන් ග්‍රේ සමග අතිශයින් සරාගී ප්‍රේමයක පැටලෙයි. ග්‍රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග්‍රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ‘ ප්‍රේම සැන්දෑවෝ’ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔබගේ මතකය සද නිදන් වනු නියතය.
Hangi Vihangi – හැංගි විහංගි
නූතන යෞවන යෞවනියන්ගේ සිතුම් පැතුම් හා සිතැඟියාවන්ට සමාන්තර තේමාවන් ඔස්සේ ඔස්සේ රචිත නවකතා තුලින් වඩාත් ජනප්‍රිය කතා කලාවක් ගොඩනගාගෙන සිටින ඉන්දියානු ලේඛක චේතන් භාගත්ගේ කෘති සියල්ල සිංහල පාඨකයන් තිලිණ කල දිලීප ජයකොඩි නවතම පරිවර්තනයයි.
Vivahakaya – විවාහකයා
2020 ගොඩගේ සම්මානිත හොදම පරිවර්තන කෘතියයි…..
විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්රරබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිඣිමට සමත් වූ ඞී.එච්. ලෝරන්ස් නව මං සෙවීමෙහි පුරෝගාමී වූ පෙරළිකාර චරිතයකි. ගතානුගතිකත්වයට හා සමාජ සම්මුතීන්ට පිටුපා යමින් තම ජීවන දෘෂ්ටිය සිය නිර්මාණවල චරිතානුසාරයෙන් අභීතවත්, අදීනවත් ඉදිරිපත් කළ ආකාරය හේතුවෙන් ඔහුට නොයෙකුත් තහංචි සහ අභියෝගවලට මුහුණදීමට සිදුවිය. නොබියව අදහස් පළ කරමින් සාහිත්‍ය ක්ෂේත්රයේ නිම් වළලූ පුලුල් කිදීමට පෙරමුණ ගත් ලේඛකයන් කීප දෙනා අත˙න් කැපී පෙනෙන ච˙තයක් ලෙසින් ඔහු ඉතිහාසයට එක් වූයේ ඉමහත් ආන්දෝලනාත්මක නිර්මාණ විශ්ව සාහිත්‍යයට මුදාහරිමිනි. ‘විවාහකයා’ කෘතිය තුළින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය රහස්‍ය තොරතුරු මෙන්ම ඔහුගේ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිබන්ධයන්ගේ චරිත විකාශනය පිළිබඳව ද මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් පාඨකයා ඉදිරියේ නිරාවරණය වෙයි.
Civilisational Twins
Sri Lanka as that of ‘Civilisational Twins’. Drawing inspiration from this remark rooted in the shared heritage, history and cultural continuities of the two nations- this volume has been titled Civilisational Twins. The title resonates across all 37 chapters, each exploring a distinct dimension of the enduring bond between India and Sri Lanka,reflecting their deep civilisational linkges and
living cultural dialogue.
Sandya Saha Vindya – සන්ධ්‍යා සහ වින්ධ්‍යා
සයිමන් නවගත්තේගමයන්ගේ, නොපළ කෘතියක් වූ ‘සන්ධ්‍යා
සහ වින්ධ්‍යා’ නිඹුල් සොහොයුරියන් දෙදෙනෙකු කේන්ද්‍ර
කොටගත් නව ආරක නවකතාවකි.
Prema Sandawo 6 – ප්‍රේම සැඳැවෝ 6
කෝටිපති ව්‍යාපාරිකයෙක්, රූමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. උන්මාදනීය භාවාත්මක ආදරයක්. රසාලිප්ත අනුරාගී සිදුවීම් පෙළක්. ආදරයේ සහ අනුරතියේ පිපාසාවෙන් පෙළුණු පාඨක සිත් සතන් මෝහනයට පත් කළ නිර්ව්‍යාජ ප්‍රේමනීය
ආදර අන්දරයේ අනුවේදනීය අවසාන කොටස…
Prema Sandawo 2 -ප්‍රේම සැඳැවෝ 2
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ සිංහල පරිවර්තනයේ දෙවැනි කොටසයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.


















































There are no reviews yet.