ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
මගේ රාජ්‍යය – Mage Rajya
රු 255.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 255.00
- 15%
- රු 255.00
- Overall you save රු 45.00 (15%) on this product
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Weight | 250 g |
---|
Be the first to review “මගේ රාජ්‍යය – Mage Rajya” Cancel reply
Related Products
දියකැටපහණ – Diyaketapahana
සිංහල බසින් සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ගැන කියවන්නට කැමති අය වෙනුවෙන් එළි දැක්වුණ පොත් ප්‍රමාණය නම් ඉතාම අල්පය.
අවුරුදු 20 කට වැඩි කාලයක් සිසිර දිසානායක ඉංජිනේරුවරයා ශී‍්‍ර ලංකාවේ දී ලබාගත් දැනුමත්, පළපුරුද්දත් ඇසුරින් ලියූ ග්රන්ථයකි, දියකැටපහණ කෘතිය. මෙවැනි ග්රන්ථයක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ උසස් දැනුමක්, පළපුරුද්දක්, උනන්දුවක් ඇති අයට පමණකි.
සිවිල් ඉංණිනේරු ක්ෂේත්රයේ ඇති සංකීර්ණ තාක්ෂණයන් ඉතා සරලව ඉදිරිපත් කිරීම මේ ග්‍රන්ථයේ විශේෂත්වයකි. සරලව පැහැදිලි කිරීම සඳහා සිසිර උපයෝගී කරගන්නේ තමන්ගේ රූපසටහන් සහ ඒවා මත තබනා කෙටි සටහන් ය. මේ දේවල් දකිනා විට සිහිපත් වෙන්නේ ලෙනාඩෝ ඩා වින්සි විද්වතාණන් පිළියෙල කර ලෝකයට දායාද කළ සටහන් ඇතුළත් චිත්රයි.
සරලව පැහැදිලි කිරීමට සිසිර දිසානායකට ඇති ලේඛන හැකියාවත්, ඇඳීමේ හැකියාවත් දීයකැටපහණ කියවන අයගේ වාසියට සහ පහසුවට හේතු වෙයි. අපගේ ඉතිහාසය වගේම ලෝකයේ ඉතිහාසය තුළ කියවෙන සිවිල් ඉංණිනේරු ඉදිකිරීම් ගැන සිසිරගේ ඇති උනන්දුව ද කියවන්නාට තවත් අතකින් දැනුම ළං කර දෙයි.
මෙම පොත A4 ප්‍රමාණයේ පිටු 250කින් සමන්විතය.
PANHINDAKA GAMI SUWANDA – පන්හිඳක ගැමි සුවඳ
ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියකු, ප්‍රකට සන්නිවේදකයකු හා කෘතහස්ත ගීත රචකයකු වූ මඩවල එස්. රත්නායකගේ ස්වයංලිඛිත චරිතාපදානය
Recently Viewed
හද සක් චාරිකා – Hada Sak Charika
ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.
There are no reviews yet.