Weight | 130 g |
---|
අවුරුදු පහළවකට පස්සෙ – Awrudu Pahalawakata Passe
රු 600.00 රු 750.00
Price Summary
- රු 750.00
- රු 600.00
- 20%
- රු 600.00
- Overall you save රු 150.00 (20%) on this product
Be the first to review “අවුරුදු පහළවකට පස්සෙ – Awrudu Pahalawakata Passe” Cancel reply
Related Products
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්
Recently Viewed
Deiyo Thamai Danne – දෙයියෝ තමයි දන්නෙ
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල…
අම්මයි, තාත්තයි, නංගියි එක්ක
සීයලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ?
කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ?
විහිළුවට හැංගුණාද?
දෙයියො තමයි දන්නෙ !
Dhawala Gimhanaya – ධවල ගිම්හානය
දකුණු අපි‍්‍රකානු ලේඛක අන්ද්රේ බි‍්‍රන්ක්ගේ A Dry White Season කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංගී්රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි‍්‍රකාවේ කෲර පාලනය යටතේ වූ උග්‍ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ්‍ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි්රතාන්ය පාලකයන් විසින් තහනම් කරන ලදී.
තම උත්සාහය අත් නොහළ අන්ද්රේ බි්රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද්‍රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි.
රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි‍්‍රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභාවයත් හද කකියවන අයුරින්, ඉතා සංවේදී ලෙසින් මෙම කෘතිය මඟින් නිරාවරණය කෙරේ.
අතුරුදන්වීම් සහ මිනිස් ඝාතන පිළිබඳ යුක්තිය සොයා සටන් වදින අදීන මිනිසෙකුගේ ඛේදජනක ඉරණම, දේශපාලනමය කටුක අත්දැකීම් ලෙසින් අප රටේද ඉතිහාසයට එක්ව ඇති බැවින් ධවල ගිම්හානය සිංහල පාඨකයාට ඉතා හෘද සංවේදී කෘතියක් වනු නොඅනුමානය.
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
හද සක් චාරිකා – Hada Sak Charika
ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.
There are no reviews yet.