දේවාන් පෙරළා හෝටලයට එන විට ඉර අවරට යමින් තිබුණි. හෝටලයට ඇතුල් වූ දේවාන්ට බටනලා වාදනයක් ඇසෙන්නට විය. අනුමානයක් නැත බටනළාව වාදනය කරන්නේ ජෙනී විය හැක. ඇය වාදනය කරන්නේ ආදර තාලයක් යැයි දේවාන් සිතුවේය. එහෙත්, ඇය මෙවර වාදනය කරන්නේ බටහිර තාලයක් නොවීම ඔහුට මහත් අරුමයකි. බිම් කළුවර මෝදුවීමත් සමග මහාමාර්ග දෙපසේ වූ පහන් කණුවල වූ විදුලි ලාම්පු දැල්වී ඇත. බටනළා හඬ බොහෝ දුරක සිට දෙසවන් වෙත ළඟා වන්නාක් මෙන් දේවාන්ට ඇසෙන්නේය. ඇය වයන්නේ ඉන්දියානු රාගධාරී සංගීතයට අයත් රාගයකි. දෙසවන වැකෙන රාගය හද කිලිපොළා යන හුදකලාවක් නිර්මාණය කරන්නේ යැයි ඔහුට සිතුණි. උඩුමහල වෙත පියනැඟු දේවාන් කාමරයට ඇතුල් වන්නට ඇති දොර විවර කර තිබෙනු දුටුවේය. විවර කර තිබූ දොරේ උළුවස්සට හේත්තු වී ජෙනී බටනළා වාදනය කරන දෙස ඔහු බලා සිටින්නට විය. පෑන්ටියක් පමණක් ඇඳ සිටි ඇය උඩු කයට දුහුල් රෙද්දකින් මසන ලද සුදුපාට කුරුතාවක් පමණක් ඇඳ සිටියාය. ඇය කාමරය තුළ තැනින් තැන ඉටිපන්දම් දල්වා ඇත. හුදකලාව උද්දීපනය කරමින් වැයෙන රාගයේ ස්වර මාධූර්යයන් සඳලුතයේ අඩ නිරුවතින් පුටුවක් මත අසුන්ගෙන බටනළාව වයන ඇගේ දසුනත් වලාකුළුවලින් තොර වූ විසල් අහස මත පායා ඇති තාරකාත් කිසියම් සංවාදයක නියැළී සිටින්නාක් මෙනි. බටනළා වාදනය අවසන් කළ ඇය රන්වන් පාට බටනළාව මුවමතින් ඉවතට ගෙන උළුවස්සට හේත්තු වී තමා දෙස බලා සිටින දේවාන් දෙස බලා කට කොනකින් සිනාසුණාය.
මගියා – Magiya
රු 1,280.00 රු 1,600.00
Price Summary
- රු 1,600.00
- රු 1,280.00
- 20%
- රු 1,280.00
- Overall you save රු 320.00 (20%) on this product
කාන්තාරයේ කුසුම, කාන්තාරයේ දරුවෝ සහ ප්‍රෙම සැඳෑවෝ යන පරිවර්තන තුළින් පාඨක සිත් වසඟ කළ ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පුගේ ස්වතන්ත්‍ර කුලුඳුල් නවකතාව…
| Weight | 640 g |
|---|
Be the first to review “මගියා – Magiya” Cancel reply
Related Products
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Adisi Nadiya – අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
Guwarnika – ගුවර්නිකා
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Kemathi Nam Wahinna – කැමති නම් වහින්න
අසීමිත රූමත් බවේ ශාපයත්, නෑසියන් විදේශගතවීමේ සාංකාවත් මැද මිනිසත්කමේ පිළිබිඹුව දුටු දිරිය
ගැහැනියකගේ කතාව.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Recently Viewed
X එක්ස්
ප්රකාශනය – මියුසස් ප්‍රකාශකයෝ
2019 රාජ්‍යය සාහිත්‍ය සම්මාන – ‘ප්‍රශස්ථ ම විද්‍යා සාහිත්‍ය කෘතිය.’
Hada Dora Yathuru – හද දොර යතුරු
විවාහක යුවලක් තම තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික අරුමැසියන් ඉතා විවෘතව තම දිනපොත්වල සටහන් කරති. අනතුරුව ඒවා සඟවා තබති. එසේ සඟවා තබන්නේ කොයි මොහොතක හෝ තම සැමියාට හෝ බිරිඳට තමාගේ දිනපොත කියවන්ට ලැබේවායි යන ගුප්ත ප්‍රාර්ථනා සහිතවය.
ලිංගික බෙලහීනත්වය නිසා ඇතිවෙන බියසුළු බව හේතුවෙන් මුහුණපාන්නට වන ව්‍යාධිමය තත්ත්වයන් හේතුකොට ඛේදනීය තත්ත්වයට පත්වන තම බිරිඳට බෙහෙවින් ආදරය කරනා මැදි වයසේ පිරිමියෙක් හා ඔහුගේ බිරිඳ වටා මෙම කතාව ගෙතී ඇත.
සම්ප්‍රදායානුකූලව හැදී වැඩුණු; තම අවයාජ හැඟීම් සිය ස්වාමිපුරුෂයාට පවා අනාවරණය නොකරන බිරිඳගේ හැගීම් පුබුදුවාලීමට සිය ජීවිත කාලය පුරාම තැත් කළ ද, ඇය ඉදිරියේ ඔහුගේ ලිංගික හැඟීම් විකසිත වන්නේ ඊර්ෂ්‍යාව පාදක කරගත් අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් වීම තුළ ඔවුන්ගේ ජීවිත සංකීර්ණ තත්ත්වයට පත් කෙරෙයි.






































There are no reviews yet.