Weight | 100 g |
---|
Ambana Karalla – අඹන කැරැල්ල
රු 112.50 රු 225.00
Price Summary
- රු 225.00
- රු 112.50
- 50%
- රු 112.50
- Overall you save රු 112.50 (50%) on this product
Be the first to review “Ambana Karalla – අඹන කැරැල්ල” Cancel reply
Related Products
Recently Viewed
Thewenna – තෙවැන්නා
විශිෂ්ට හින්දි ලේඛක කම්ලේෂ්වර් විසින් රචිත තීස්රා ආද්මි නවකතාවේ සිංහල පරිවර්තනය.
අතථ්‍ය සන්නිවේදනය – Athathya Sannivedanaya (Virtual Communication)
අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක්‍රියාකාරී පරිගණක-ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සොයන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවනතත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැඟීම් මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි.ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප්‍රජාවන් නිර්මාණය කිරීමත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මික සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.
Sakkaran – සක්කාරං
මෙරට වැඩවසම් සමාජය හා බැඳුණු රාජකාරී ක්‍රමය සමග ඈඳුණු
ලිංගික සූරාකෑම පිටුදැක රාජකාරිය සිය දේවකාරිය කරගත් උතුම්
මිනිසුන් කොටසකගේ කතාන්දරයයි. ස්වර්ණ පුස්තක හා රාජ්‍ය
සාහිත්‍ය සම්මාන නිර්දේශිත කතාවකි.
ආර්යා – Arya
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්රාප්තියට පත්වන්නීය.
ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Athurudan Karanno – අතුරුදන් කරන්නෝ
ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්රාසය පිරි කතාවකි.
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Masurage Diyaniya – මසුරාගේ දියණිය
උත්තම භාර්යාවක් හා උත්තම මවක් වීමට සුදුසුකම් ලද, එහෙත් සැමියෙක් හා දරු පවුලක් නොමැති ගැහැනියක පිළිබඳව ප්‍රංශ මහා ගත්කරු බල්සැක් විසින් රචිත ලෝක ප්‍රකට නවකතාවේ සිංහල පරිවර්තනය
There are no reviews yet.