මාසයේ වාසිය යටතේ සෑම මසකම ඔබට අනගි වට්ටමක් සහිතව තෝරාගත් පොත් සමුහයක් ඔබවෙත ගෙන ඒම සිදුකෙරේ.
Athurudan Karanno – අතුරුදන් කරන්නෝ
ජේම්ස් හැඩ්ලි චේස් ගේ Blonde’s Requiem නමැති ත්‍රාසජනක නවකතාවේ පරිවර්තනයයි. සුදුවන් කෙහෙරැලි තිබූ තරුණියන්
තිදෙනෙකුගේ අතුරුදන්වීම නිසා භීතියෙන් ඇලළී ගිය නගරයක එම අබිරහස සොයා ගිය රහස් පරීක්ෂකවරයෙකු පිළිබඳ ඈඟ කිලිපොලා යන සංත්‍රාසය පිරි කතාවකි.
Balawa kandulu gini gani – බලව කඳුළු ගිනි ගනී
ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම
රෝගී බවෙන් තැවෙන විට, ස්ත්‍රියක රාගයෙන් මුසපත් කළ,
තරුණයෙකු මතින් සැනසීම සොයන විට, අම්මා කෙනෙකු
දුගී බවෙන් මිරිකෙන තැන, තරුණයින් විමුක්තිය සොයා සටන්
වදින කල්හි සියල්ලෝම තම කඳුළෙන් උපන් ගින්නෙන් දැවෙන
බැව් පසක් කෙරෙන නවකතාවකි.
Lena kule maw – ලේන කුලේ මව්
කුරිරු දරිද්‍රතාව, අමන දේශපාලනය හා කුහක සමාජය වෙතින්
එල්ල වූ අනේකවිධ පීඩාවන් උපේකෂා සහගතව විඳ දරාගනිමින්
අනුපමේය දරු සෙනෙහස උදෙසා අභීතව ජීවිතයේ මහගිරිදඹ
තරණය කළ උත්තරීතර මවකගේ අනුවේදනීය කතාවයි.
Uthpala Tharakawa – උත්පල තාරකාව
සම්මානනීය හින්දි ලේඛිකා ගෞරාපාන්ට් ෂිවානිගේ ‘ක්‍රිෂ්ණකාලී’
නවකතාවේ සිංහල අනුවාදයයි. ‘උත්පල තාරකාව’ ලාදුරු රෝගයෙන් පීඩා විඳින දෙමාපිය යුවළකට දාව උපන් අති ශෝභමාන රුවැති යෞවනියකගේ ජීවිතය වටා ගොඩනැගෙන අනුවේදනීය කතාවකි.