Weight | 315 g |
---|
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
රු 225.00 රු 450.00
Price Summary
- රු 450.00
- රු 225.00
- 50%
- රු 225.00
- Overall you save රු 225.00 (50%) on this product
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Be the first to review “ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්” Cancel reply
Related Products
Recently Viewed
Masurage Diyaniya – මසුරාගේ දියණිය
උත්තම භාර්යාවක් හා උත්තම මවක් වීමට සුදුසුකම් ලද, එහෙත් සැමියෙක් හා දරු පවුලක් නොමැති ගැහැනියක පිළිබඳව ප්‍රංශ මහා ගත්කරු බල්සැක් විසින් රචිත ලෝක ප්‍රකට නවකතාවේ සිංහල පරිවර්තනය
Grade 11 Science Part ii – 11 ශ්‍රේණිය විද්‍යාව ii කොටස
ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරන ලද නව විෂය නිර්දේශයට අනුකූලව දරුවන්ගේ දැනුම, අවබෝධය හා මූලධර්ම භාවිතය ගුණාත්මක වර්ධනයක් වෙත යොමුකරවීමේ අරමුණින් සකස් කෙරෙන මෙම පොත් පෙළ විද්‍යාර්ථීනට මෙන්ම විද්‍යා විෂය උගන්වන ගුරු භවතුන්ට ද එකසේ ප්රයෝජනවත්ය.
සෑම විෂය කරුණක්ම අළලා නිර්මාණය කළ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු මෙම පොත් පෙළෙහි අන්තර්ගත වේ. සංකීර්ණ විෂය කරුණු, වඩාත් නිරවුල්ව හා පහසුවෙන් සිසු මනසට ගෝචර වන අයුරින් පෙළගස්වා ඇත. එමඟින් විෂය කරුණු මැනවින් අවබෝධකර දීමටත්, විභාගයක දී ප්‍රශ්න සැකසෙන ආකාරය හා ඒවාට පිළිතුරු ලියන ආකාරය අවබෝධ කර දීමටත් මෙය පිටිවහල් වනු ඇත.
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
There are no reviews yet.