Weight | 390 g |
---|
Amara Wanshaya – අමර වංශය
රු 225.00 රු 450.00
Price Summary
- රු 450.00
- රු 225.00
- 50%
- රු 225.00
- Overall you save රු 225.00 (50%) on this product
Be the first to review “Amara Wanshaya – අමර වංශය” Cancel reply
Related Products
Recently Viewed
Yakada Silpara – යකඩ සිල්පර
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
Sonduru Sari Sara Ramya Sagaraya Dige – සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ
සොඳුරු සැරිසර චාරිකාලංකාර මාලාවේ 5 වැනි කෘතියයි. ජපානය හා එහි සංස්කෘතිය පිළිබඳ කතුවරයාගේ පොහොසත් අත්දැකීම් ඔස්සේ ජපානයේ විවිධ ප්‍රදේශ පුරා සංචාරක චමත්කාරය විඳගැනීමට පාඨකයාට අවස්ථාව සැලසෙයි.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Halo Halo – හලෝ හලෝ
දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක එක රැයක් තුල සිදුවන, තාරුණ්‍යයේ සිතුම් පැතුම් තුරුලු කරගත් සිත් කාවදින සරල සිද්ධීන් මාලාවක විචිත්‍ර කතාන්දරය.
Heta Aluth Dawasak – හෙට අලුත් දවසක්
මාරක කතා චක්‍රවර්ති ජේම්ස් හැඩ්ලි චේස්ගේ තවත් අති සාර්ථක නවකතාවක සිංහල පරිවර්තනයයි. ධනය, බලය, උරුමය හමුවේ ඇස් අන්ධව කටයුතු කරන අගතිගාමි තිරශ්චිත පුද්ගලයකු සහ කප්පම් කල්ලි මාෆියාවක ඇඟ කිළිපොලා යන අභිරහස් සිදුවීම් ගොන්නක් කැටිකරගත් කුතුහලය පිරි ත්‍රාසජනක කතාවකි.
Practical English 5 – ප්‍රායෝගික ඉංග්‍රීසි 5
සරලම කරුණුවලින් ඇරඹී සෙමෙන් සෙමෙන් සංකීර්ණ කරුණු
වෙත ශිෂ්‍යයා ගෙනයන හෙයින්, පොත් පෙළ ඉගෙනගෙන
අවසන්වනවිට ඉංග්‍රීසි භාෂාව පළිබඳ පතළ දැනුමක් ඔබට ලැබේ.
SAKI BARYA – සඛී භාර්යා
සිය බිරිඳගේ අකල් වියෝව හේතුවෙන් තනිවුණු මැදිථවියෙහි පසුවන දෙදරු පියෙක් සහ තරුණ වියේදීම අසාර්ථක විවාහයකින් දික්කසාද වුණු මැදිවියේ කාන්තාවක් අතර ඇතිවන සංවේදී ප්‍රේම සම්බන්ධයක් කේන්ද්‍ර කර ගනිමින් ‘සඛී භාර්යා’ කතාව ගොඩනැගී ඇත. මධ්‍යම පාන්තික ජීවිත විවරණය කෙරෙන මෙහි පුද්ගලයෙකුගේ දෙවෙනි විවාහය, ඔහුටත්, ඔහුගේ දරුවනටත්, ඔහු ඇසුරු කරන සමාජයටත් බලපාන ආකාරය අපූරුවට නිරූපනය කෙරේ.
Inna Thanin Enna – ඉන්න තැනින් එන්න
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දස වසරක් ගතවෙද්දිත් අතුරුදන්ව සිටින ඔහු සෑම ‘මවුවරුන්ගේ දිනයකදීම’ සිය මව අමතයි. තමන් නිරුපද්‍රිතව සිටින බව ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු හොඳින් සිටින්නේ නම් ආපසු නොඑන්නේ ඇයි?
නව යෞවනියක වන ලිසේ ද එසේම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතමින් තමා නිරුපද්‍රිතව සිටින බවත්, ඊළග ‘මවුවරුන්ගේ දිනයේදී’ නැවත ඔහු අමතන බවත් පවසයි. ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?
‘ත්‍රිලර්’ ෂානරයේ අගරැණිනිය ලෙසින් හදුන්වන මේරි හිගින්ස් ක්ලාක්ගේ, මොහොතින් මොහොත පාඨකයා කුතුහලයෙන් පුරවාලන ‘Where are you now’ කෘතියේ පරිවර්තනයයි.
There are no reviews yet.