Weight | 260 g |
---|
Aparinatha – අපරිණත
රු 187.50 රු 375.00
Price Summary
- රු 375.00
- රු 187.50
- 50%
- රු 187.50
- Overall you save රු 187.50 (50%) on this product
Be the first to review “Aparinatha – අපරිණත” Cancel reply
Related Products
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Recently Viewed
Kandauraka Sevane – කඳවුරක සෙවනේ
අසූවේ දශකයේ ආරම්භයේ සරසවි සිසුන් විසින් නොදියුණු ගම් දෙකක් සංවර්ධනය කිරීම උදෙසා කඳවුරු දෙකක ගත කළ අත්දැකීම් අනුසාරයෙන් කළ නිර්මාණ කාර්යයකි. සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් රචිත මෙම නවකතාව එවකට ඇස ගැටුණු එකට කල් ගෙවූ ඇතැම් චරිත කිහිපයක ගතිසොබා එක් එක් චරිතවලට ගොනු කොට ප්‍රබන්ධ කර ඇත.
මායිම්ගල – Maimgala
මිනින්දෝරු වෘත්තියේ නියැලෙද්දී වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල ලද අත්දැකීම් පාදක කර ගනිමින් මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන් කැටි කරගත් කෘතියකි. ඉතා සරල සුගම බස් වහරකින් රචිත මෙම කෘතිය මඟින් මිනින්දෝරු වෘත්තිකයන්ගේ ආශ්වාදජනක, චමත්කාරජනක සිදුවීම් ඉතා ළගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. විවිධ ප්‍රදේශවල ජන ජීවිතය සහ වනගත පරිසරය හා සබැඳි ත්‍රාසජනක, විනෝදජනක, අද්භූතජනක සංසිද්ධීන් ඉතා විචිත්‍රවත් අයුරින් කතුවරයා පෙළගස්වන්නේ පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරවමිනි.
Annapoorna – අන්නාපූර්ණා
1943 දී බෙංගාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන ‘බෙංගාල මහා සාගතය’ නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාලුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ්‍රිතාන්‍ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ‘මහා සාගතයට” පාර කැපීය.
ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද්‍රවය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුලුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක්‍රමණය වූ අතර, ගැහැණු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇදිවතින් යුත් ඇටසැකිලි වන් මිනිසුන් වීදි පුරා සිඟමන් යදිනු මෙන්ම තැන තැන මැරී වැටී සිටිනු දැකීම සුලබ දසුනක් විය.
‘අසනි සංකේත්’ නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඒ ඵෙතිහාසික ඛේදචාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි. කුමන ව්‍යසනයක් හමුවේ වුව සමාජ වටිනාකම් රැක ගැනීමට යත්න දරන අල්පයක් පමණ වූ මිනිසුන් ගැන මෙම නවකතාවෙන් කතා කෙරේ.
There are no reviews yet.