Weight | 425 g |
---|
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
රු 300.00 රු 600.00
Price Summary
- රු 600.00
- රු 300.00
- 50%
- රු 300.00
- Overall you save රු 300.00 (50%) on this product
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Be the first to review “ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය” Cancel reply
Related Products
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Recently Viewed
Athakin Ammaya Athakin Meramaya – අතකින් අම්මා ය අතකින් මෙරමා ය
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන නිර්දේශිත නවකතාව….
ලීයකට කැටයමක් ඔබ්බවනව වගේ ආදරය මිනිස් හිතට ඔබ්බවන්න බෑ. මොකද ඒක තියෙන්නෙ හිතේ නෙවෙයි ළයේ. ඒක ළයේ ඉබේ උපදින්න ඕනෑ. ඒ ආදරය ළයේ පැලවෙන්න නම් ළතෙත් වෙන්න ඕනෑ. වෛරය ද්වේශය ඇතිවෙන්නෙ හිතේ. ඒත් ආදරය ළයේ…
Gini Pupura – ගිනි පුපුර
ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.
There are no reviews yet.