Weight | 230 g |
---|
Bora Wathura – බොරවතුර
රු 150.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 150.00
- 50%
- රු 150.00
- Overall you save රු 150.00 (50%) on this product
Be the first to review “Bora Wathura – බොරවතුර” Cancel reply
Related Products
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Recently Viewed
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
America – ඇමෙරිකා
ග්රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික
සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය
හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්රයෝගකාරී
රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය
මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන
වටය සඳහා නිර්දේශ විය.
Mu Nam Maha – මූ නං මහ…
සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.
There are no reviews yet.