ශිල්පී මොටාගෙදර වනිගරත්නගේ තෙලි තුඩින් නිමවූ අලංකාර චිත්‍ර වලින් සහ බණ්ඩාර ඇහැලියගොඩ කවි සංකල්පනා වලින් සමන්විත බොදු සිරිත කෘතිය බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් ඉතාමත් දර්ශනීය අන්දමින් විචිත්‍රණය කර ඒවාට ගැලපෙන අයුරින් පබඳා ඇති කවි පෙළහරකින් යුත් අගනා කෘතියකි.
Budu Siritha – බුදු සිරිත
රු 150.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 150.00
- 50%
- රු 150.00
- Overall you save රු 150.00 (50%) on this product
ශිල්පී මොටාගෙදර වනිගරත්නගේ තෙලි තුඩින් නිමවූ අලංකාර චිත්‍ර වලින් සහ බණ්ඩාර ඇහැලියගොඩ කවි සංකල්පනා වලින් සමන්විත බොදු සිරිත කෘතිය බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් ඉතාමත් දර්ශනීය අන්දමින් විචිත්‍රණය කර ඒවාට ගැලපෙන අයුරින් පබඳා ඇති කවි පෙළහරකින් යුත් අගනා කෘතියකි.
Weight | 145 g |
---|
Be the first to review “Budu Siritha – බුදු සිරිත” Cancel reply
Related Products
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Recently Viewed
Introduction to Digital Anthropology – ඩිජිටල් මානව විද්‍යා ප්‍රවේශය
ඩිජිටල් මානවවේදය ශාස්ත්‍රීය ව ගවේෂණයකට උත්සාහ දරන්නකුට මුලින් ම මානවවේදය, සංස්කෘතිය හා ඩිජිටල් යන සංකල්ප ත්‍රිත්වය කෙරෙහි යථාදර්ශනයක් ඇති කර ගැනීම අනිවාර්ය මෙන් ම අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. ඒ සඳහා පිවිසුමක් ලෙස එකී සංකල්ප ත්‍රිත්වය සැකැවින් හඳුන්වා දී ඒ ඔස්සේ මානවවේදය සහ ඒ හා සම්බන්ධ ව මෙතෙක් කෙරී ඇති ශාස්ත්‍රීය අධ්‍යයනයන් පිළිබඳ ව ලියැවුණු මෙම ග්‍රන්ථය මේ ක්ෂේත්රයේ නූතන දැනුම් තත්ත්වය අවබෝධ කරගැනීමට උපකාරී වනු නිසැක ය. මෙම විෂයට අදාළ ව ලංකාවේ එකදු ග්‍රන්ථයක්වත් තවම රචනා වී නොමැති ය. එහි ලා ශාස්ත්‍රීය වශයෙන් පවතින ඌනතාව යම් තරමකට හෝ සපුරාලීමට මේ වෑයම හේතු වනු ඇත. මානව විද්‍යාවේ නව්‍ය විෂය ක්ෂේත්රයක් වන ඩිජිටල් මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය වපසරියකින් විවරණය කිරීමට ගත් ප්රයත්නයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකි ය.
Inna Thanin Enna – ඉන්න තැනින් එන්න
විශ්වවිද්‍යාල සිසුවකු වන මැක් එක්වරම අතුරුදන් වෙයි. දස වසරක් ගතවෙද්දිත් අතුරුදන්ව සිටින ඔහු සෑම ‘මවුවරුන්ගේ දිනයකදීම’ සිය මව අමතයි. තමන් නිරුපද්‍රිතව සිටින බව ඔහු පවසන්නේය. වසර දහයක් පුරාම එය එසේ සිදුවෙයි. ඔහු හොඳින් සිටින්නේ නම් ආපසු නොඑන්නේ ඇයි?
නව යෞවනියක වන ලිසේ ද එසේම අතුරුදන් වෙයි. දින ගණනාවකට පසු ඇය තම පියා අමතමින් තමා නිරුපද්‍රිතව සිටින බවත්, ඊළග ‘මවුවරුන්ගේ දිනයේදී’ නැවත ඔහු අමතන බවත් පවසයි. ඇය හොඳින් නම් ආපසු නොඑන්නේ ඇයි?
‘ත්‍රිලර්’ ෂානරයේ අගරැණිනිය ලෙසින් හදුන්වන මේරි හිගින්ස් ක්ලාක්ගේ, මොහොතින් මොහොත පාඨකයා කුතුහලයෙන් පුරවාලන ‘Where are you now’ කෘතියේ පරිවර්තනයයි.
There are no reviews yet.