Weight | 130 g |
---|
Chooty Putha – චූටි පුතා
රු 144.00 රු 180.00
Price Summary
- රු 180.00
- රු 144.00
- 20%
- රු 144.00
- Overall you save රු 36.00 (20%) on this product
Be the first to review “Chooty Putha – චූටි පුතා” Cancel reply
Related Products
Recently Viewed
Sathkarika – සත්කාරිකා
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
Kemathi Nam Wahinna – කැමති නම් වහින්න
අසීමිත රූමත් බවේ ශාපයත්, නෑසියන් විදේශගතවීමේ සාංකාවත් මැද මිනිසත්කමේ පිළිබිඹුව දුටු දිරිය
ගැහැනියකගේ කතාව.
Rata Hellu Nadu 03 – රට හෙල්ලූ නඩු 03
රටේ ඉමහත් භයානක අපරාධ පිළිබඳව ලියැවුණු ‘රට හෙල්ලූ නඩු’ පොත් පෙළේ තෙවැන්නයි. මෙම නඩුවට අදාල විවිධ නීතිමය හා සිද්ධිමය කරුණු හේතුවෙන්ද කෘතහස්ත වෛද්‍ය මත හේතුවෙන්ද මෙම පොත නීතිවේදීන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට මෙන්ම නීතිය හදාරන ශිෂ්‍යයන්ට ද අතිශයින් වැදගත් වේ.
There are no reviews yet.