Weight | 60 g |
---|
Dangakara Rila Pancha – දඟකාර රිලා පැංචා
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Dangakara Rila Pancha – දඟකාර රිලා පැංචා” Cancel reply
Related Products
Recently Viewed
Introduction to Digital Anthropology – ඩිජිටල් මානව විද්‍යා ප්‍රවේශය
ඩිජිටල් මානවවේදය ශාස්ත්‍රීය ව ගවේෂණයකට උත්සාහ දරන්නකුට මුලින් ම මානවවේදය, සංස්කෘතිය හා ඩිජිටල් යන සංකල්ප ත්‍රිත්වය කෙරෙහි යථාදර්ශනයක් ඇති කර ගැනීම අනිවාර්ය මෙන් ම අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. ඒ සඳහා පිවිසුමක් ලෙස එකී සංකල්ප ත්‍රිත්වය සැකැවින් හඳුන්වා දී ඒ ඔස්සේ මානවවේදය සහ ඒ හා සම්බන්ධ ව මෙතෙක් කෙරී ඇති ශාස්ත්‍රීය අධ්‍යයනයන් පිළිබඳ ව ලියැවුණු මෙම ග්‍රන්ථය මේ ක්ෂේත්රයේ නූතන දැනුම් තත්ත්වය අවබෝධ කරගැනීමට උපකාරී වනු නිසැක ය. මෙම විෂයට අදාළ ව ලංකාවේ එකදු ග්‍රන්ථයක්වත් තවම රචනා වී නොමැති ය. එහි ලා ශාස්ත්‍රීය වශයෙන් පවතින ඌනතාව යම් තරමකට හෝ සපුරාලීමට මේ වෑයම හේතු වනු ඇත. මානව විද්‍යාවේ නව්‍ය විෂය ක්ෂේත්රයක් වන ඩිජිටල් මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය වපසරියකින් විවරණය කිරීමට ගත් ප්රයත්නයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකි ය.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
Weddo – වැද්දෝ
2010 වසරේ හොඳම හොඳම ශාස්ත්‍රීය පරිවර්තනය ලෙස රාජ්‍ය සම්මානය දිනාගත්, මානව විද්‍යා අධ්‍යායන ක්ෂේත්රයේ මෙන්ම සම්භාව්‍ය සිංහල ග්‍රන්ථාවලියේ සියවසක හිඩැසක් පිරවූ ශ්‍රී ලාංකේය වැදි ජනතාවගේ ජීවන රටාව විමර්ශනය කරන සී. ජී. සෙලිග්මාන් විසින් විරචිත විශිෂ්ඨතම පර්යේශණ ග්‍රන්ථයේ පරිවර්තනය.
There are no reviews yet.