Dangakara Thun Iri Appu – දඟකාර තුන් ඉරි අප්පු
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Related Products
Recently Viewed
Gimhana Geethaya – ගිම්හාන ගීතය
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
Doily Dutu Udarata – ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
ජෝන් ඩොයිලි ලියන ලද උඩරට සමාජ සංස්ථාවේ ඉතිහාසය, සිරිත්-විරිත්, නීති-රීති, අභිචාර විධි ගැඹුරු නිරීක්ෂනයට ලක්කෙරෙන ග්රන්ථයකි.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
There are no reviews yet.