Weight | 60 g |
---|
Guna Yahapath Muwa Patiya – ගුණ යහපත් මුව පැටියා
රු 64.00 රු 80.00
Price Summary
- රු 80.00
- රු 64.00
- 20%
- රු 64.00
- Overall you save රු 16.00 (20%) on this product
Be the first to review “Guna Yahapath Muwa Patiya – ගුණ යහපත් මුව පැටියා” Cancel reply
Related Products
Recently Viewed
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
Hada Dora Yathuru – හද දොර යතුරු
විවාහක යුවලක් තම තමන්ගේ ලිංගික රුචි අරුචිකම්, ලිංගික අරුමැසියන් ඉතා විවෘතව තම දිනපොත්වල සටහන් කරති. අනතුරුව ඒවා සඟවා තබති. එසේ සඟවා තබන්නේ කොයි මොහොතක හෝ තම සැමියාට හෝ බිරිඳට තමාගේ දිනපොත කියවන්ට ලැබේවායි යන ගුප්ත ප්‍රාර්ථනා සහිතවය.
ලිංගික බෙලහීනත්වය නිසා ඇතිවෙන බියසුළු බව හේතුවෙන් මුහුණපාන්නට වන ව්‍යාධිමය තත්ත්වයන් හේතුකොට ඛේදනීය තත්ත්වයට පත්වන තම බිරිඳට බෙහෙවින් ආදරය කරනා මැදි වයසේ පිරිමියෙක් හා ඔහුගේ බිරිඳ වටා මෙම කතාව ගෙතී ඇත.
සම්ප්‍රදායානුකූලව හැදී වැඩුණු; තම අවයාජ හැඟීම් සිය ස්වාමිපුරුෂයාට පවා අනාවරණය නොකරන බිරිඳගේ හැගීම් පුබුදුවාලීමට සිය ජීවිත කාලය පුරාම තැත් කළ ද, ඇය ඉදිරියේ ඔහුගේ ලිංගික හැඟීම් විකසිත වන්නේ ඊර්ෂ්‍යාව පාදක කරගත් අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පමණක් වීම තුළ ඔවුන්ගේ ජීවිත සංකීර්ණ තත්ත්වයට පත් කෙරෙයි.
Sansara Bandana – සංසාර බන්ධන
රුදුරු පිළිකා රෝගයකට ගොදුරුව මරණයට දින නියමව සිටි ගුණගරුක සරසවි සිසුවියක සුපේෂල ශික්ෂාකාමී චරිතයක් සමග කායික සබඳතාවයකින් තොරව යහපත් දරු උපතක් පිළිබඳ සිය අපේක්ෂාවන් ජයගත් අයුරු කියැවෙන සංවේදී කතාවකි.
Gini Pupura – ගිනි පුපුර
ක්‍රිස්ටින් බාර්නෙට්ගේ (The Spark) විශිෂ්ටයකු පෝෂණය කළ මවකගේ කතාවකි. මවකගේ ආදරයට මිහිමත කළ නොහැක්කක් නොමැති බව යළි යළිත් පසක් කරන කතාවකි. උපතින්ම ඔටිසම් තත්ත්වයට ගොදුරු වූ දරුවකු වූ ජැකෝබ් බාර්නෙට් අත් නොහරින ක්‍රිස්ටින්, හැම විටම ඔහුට හොඳම දේ දෙන්නට වෙහෙසෙමින් ඒ වෙනුවෙන් සමස්ත ලෝකය සමගම සටන් වදියි. අවසානයේ සිය පුතු ද දිනවා, ඇය ද දිනයි.
ජැකෝබ් අද ඔහුම උපයාගත් මුදලින් මිලදී ගත් නිවසක හිමිකරුවෙකි. එසේම ආදරණීය පෙම්වතෙකි. ක්‍රිස්ටින්ගේ ආදරය, විශ්වාසය සහ ධෛර්ය ජැකෝබ් කැඳවා ගෙන විත් ඇති දුර කෙතරම්ද?
‘ගිනි පුපුර’ ජැකෝබ් සහ ක්‍රිස්ටින්ගේ අපූර්වතම සැබෑ ජීවිත කතාවයි.
Gedi siyayak – ගෙඩි සියයක්
නිලූපුලී ස්වේතගේ කවිවලට ඇලුම් කිරීමෙන් නොනැවතී ඔහු
පසුපස හඹායන්නේ යළි ඇයට ද පාලනය කරගත නොහැකි වූ
වේගයකිනි. ඇය ප්‍රේමයට නොවළහා දිවිපෙවෙත කැප කරන
කල්හි ගනුදෙනුව පවතින්නේ ප්රාග්ධනය සමඟය. මේ පරස්පර
විරෝධය සමාජ දේශපාලන අලකලංචි මැදින් ගලා යන අයුරු
මෙම කෘතියෙන් මැනැවින් නිරූපණය වේ.
There are no reviews yet.