Weight | 105 g |
---|
Horata Karakawena Merata Sarasaviya – හොරට කැරකැවෙන මෙරට සරසවිය
රු 200.00 රු 250.00
Price Summary
- රු 250.00
- රු 200.00
- 20%
- රු 200.00
- Overall you save රු 50.00 (20%) on this product
මෙරට සරසවි තුළ පවතින විෂමකාරී පරිහානිය යථා පරිදි හැඩගස්වනු පිණිස ලියැවුණු විමර්ශණාත්මක කෘතියකි.
Be the first to review “Horata Karakawena Merata Sarasaviya – හොරට කැරකැවෙන මෙරට සරසවිය” Cancel reply
Related Products
Maha Mola Karayo – මහමොළ කාරයෝ
ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ව්‍යාපාරික ක්‍රමවේදයන් උපායශීලී අරමුණු ඇතුළත් විවිධ ඉසව් ඔස්සේ රචනා කරන ලද ‘මහ මොළකාරයෝ’ කෘතිය ව්‍යාපාරික ප්‍රජාවට මතුනොව, පොදුවේ සියල්ලන්ටම එකසේ වැදගත් කෘතියකි.
AMARADEWA – අමරදේව
නුවන් නයනජිත් කුමාර විසින් විරචිත ‘අමරදේව – මහා ගාන්ධර්ව විබුධයාණෝ’ අපදානය හා විචාරාත්මක අධ්‍යයන ග්‍රන්ථය, විශාල ප්‍රමාණයේ පිටු 836කින් සහ දුර්ලභ ඡායාරූප ගණනාවකින් සමන්විත, ඝන තද කවරයකින් නිර්මිතය.
Maga Digata Janakatha 1 – මඟ දිගට ජනකතා 1
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Wishishta piyawara – විශිෂ්ට පියවර
ප්රකාශනය – විෂිෂ්ට ප්‍රකාශකයෝ
Maga Digata Janakatha 2 – මඟ දිගට ජනකතා 2
ප්රකාශනය – සූරිය ප්‍රකාශකයෝ
Sonduru Sari Sara – Sarawak Nadiya Dige සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ
මලයාසියාවේ සිත් ඇද ගන්නා ස්ථාන සහ එහි පවතින අන්තර් වාර්ගික හා ආගමික සහජිවනයේ අගය විදහා දක්වමින් දෙරට අතර ඇති අතීත සබඳතා ද සිහිපත් කරලන සොඳුරු සැරිසර චාරිකා සටහන් මාලාවේ තුන්වැන්න වන මෙම කෘතිය මැලේසියානු සංචාර ඇසුරෙන් සම්පාදනය වූවකි.
Recently Viewed
හද සක් චාරිකා – Hada Sak Charika
ඇය නිරන්තරයෙන් තරුණයාට යමක් කොඳුරයි. එහෙත් ඈ කුමක් පවසන්නේද යන්න රොහාන් නොදනී. ඇගේ ස්වරය සුමිහිරිය. ඉමිහිරි ආදරණීය යමක් ඔහු හා පවසනවා විය යුතු නමුත් තරුණයා ඇයට ඇහුම්කන් නොදෙන පාටය. ඇය සෙමෙන් ඔහුගේ කලවා කොනහමින් ඔහු වෙතට නැවෙයි. ඔවුන්ගේ මුහුණු එකිනෙක හා ස්පර්ශ වෙයි. ඔහුගේ සවනට සෙමෙන් මුමුනමින් ඇගේ දෙතොල් ඔහුගේ ගෙල මත තබයි. පළමුව එය ඉතා මෘදු, කෙටි චුම්භනයකි. දෙවැනි වර එය ඉතා දීර්ඝ උද්යෝගිමත් චුම්භනයක් විය. ලැජ්ජාශීලී බවක් ප්‍රකට වූයේ ඔවුන් කෙරෙන් නම් නොව රොහාන් කෙරෙන්ය. ඉදින් රොහාන් හැසිරෙන්නේ තමා ඒ කිසිවක් නොදුටු ලෙසය.
ඔහු සෘජුව සිය දෑස ඉදිරියට යොමා සිටින නමුත් එම නාටකය දෑස් කොනින් නරඹයි. ඇය දැන් තම හිස පි‍්‍රයයාගේ උර මත සතපා සිටින්නේ ඇගේ සිරුර, ළැම සහ දෙපා ද තරුණයාගේ සිරුරේ ඇතිල්ලෙන්නට ඉඩ හරිමිනි. අනතුරුව ඔහුගේ කමිසයේ විවරව ඇති තැනකින් ඇය තම අත සීරුවෙන් ඇතුළු කරයි. තරුණයා සිටින්නේ ඔහුගේ හිස පසුපසට බර කොට හේත්තු කරගෙන දෙනෙත් පියාගෙනය. ඇගේ සරාගී ආක්‍රමණය අබියස ඔහු මුනිවත රකී. රොහාන්ට පිටුපා ඇය තම පෙම්වතාගේ සිරුරට ගොඩවන්නේ තරමක් දුරට වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට ජවනිකාවක් සේ ය. තරුණිය තම පෙම්වතාව යළි යළිත් සරාගී ලෙස සිප ගනී. ඇය සිය සර්වාංගයම ඔහු මත පටලවා ගන්නේ තුරු බඳක දැවටෙන මනරම් සැපින්නක සේය.
There are no reviews yet.