Weight | 210 g |
---|
Karupange Sihinaya – කරුප්පන්ගේ සිහිනය
රු 162.50 රු 325.00
Price Summary
- රු 325.00
- රු 162.50
- 50%
- රු 162.50
- Overall you save රු 162.50 (50%) on this product
Be the first to review “Karupange Sihinaya – කරුප්පන්ගේ සිහිනය” Cancel reply
Related Products
Recently Viewed
Introduction to Digital Anthropology – ඩිජිටල් මානව විද්‍යා ප්‍රවේශය
ඩිජිටල් මානවවේදය ශාස්ත්‍රීය ව ගවේෂණයකට උත්සාහ දරන්නකුට මුලින් ම මානවවේදය, සංස්කෘතිය හා ඩිජිටල් යන සංකල්ප ත්‍රිත්වය කෙරෙහි යථාදර්ශනයක් ඇති කර ගැනීම අනිවාර්ය මෙන් ම අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකයකි. ඒ සඳහා පිවිසුමක් ලෙස එකී සංකල්ප ත්‍රිත්වය සැකැවින් හඳුන්වා දී ඒ ඔස්සේ මානවවේදය සහ ඒ හා සම්බන්ධ ව මෙතෙක් කෙරී ඇති ශාස්ත්‍රීය අධ්‍යයනයන් පිළිබඳ ව ලියැවුණු මෙම ග්‍රන්ථය මේ ක්ෂේත්රයේ නූතන දැනුම් තත්ත්වය අවබෝධ කරගැනීමට උපකාරී වනු නිසැක ය. මෙම විෂයට අදාළ ව ලංකාවේ එකදු ග්‍රන්ථයක්වත් තවම රචනා වී නොමැති ය. එහි ලා ශාස්ත්‍රීය වශයෙන් පවතින ඌනතාව යම් තරමකට හෝ සපුරාලීමට මේ වෑයම හේතු වනු ඇත. මානව විද්‍යාවේ නව්‍ය විෂය ක්ෂේත්රයක් වන ඩිජිටල් මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය වපසරියකින් විවරණය කිරීමට ගත් ප්රයත්නයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකි ය.
Sansararanyaye Dadayakkaraya – සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා
සීපාවා මෙන්ම ගහකොළ සමඟ ද සැබෑ අවබෝධයෙන් ජීවත් වූ
මිනිසකුගේ කතාන්දරය මෙම කෘතියෙන් නිරූපිතය.
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Kantharaye Daruwo – කාන්තාරයේ දරුවෝ
ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ගේ අසීමිත ප්‍රසාදය දිනාගත් “කාන්තාරයේ කුසුම” සත්‍ය කතාවේ දෙවැනි කොටස.
HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා
එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.
Keti Unath A Kavi – කෙටි වුණත් ඒ කවි
මේ කවි එකතුව කෙටි කවියේ සුත්‍රය ද, දේශීය කෙටි කවියක සියුම් නාඩිය ද, හරියටම ඇල්ලූ බරසාර හා මනහර කවි විශේෂයකි.
There are no reviews yet.