Weight | 165 g |
---|
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
රු 150.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 150.00
- 50%
- රු 150.00
- Overall you save රු 150.00 (50%) on this product
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Be the first to review “Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව” Cancel reply
Related Products
Lakdiwa Raajakeeya Pem Puwath – ලක්දිව රාජකීය පෙම්පුවත්
හෙළ රජ දරුවන්ගේ වීර වික්‍රමාන්විතයන් මෙන්ම අසිරිමත් වූ ප්‍රේමයෙන් මුසපත්වූ ඔවුන් සමහරකුගේ පෙම් කතාද ඉතිහාසය විචිත්‍ර කර ඇත. එවන් රසාලිප්ත පෙම් කතන්දර එකතුවකි.
Recently Viewed
HANDUNA GATHTHOTH OBA MA – හදුනාගත්තොත් ඔබ මා
එම වීදුරුව රිචර්ඩ්ට දුන් මම ඔහු අසලින්ම වාඩි වී මගේ වයින් වීදුරුව සෙමින් තොල ගෑවෙමි. උගුරු කීපයක් පානය කළ ඔහුගේ මුහුණේ ඉරියව් මඳින් මඳ අපහසුතාවයකින් පෙළෙන ලක්ෂණ පෙන්නුම් කරනු මට හොඳින් දිස්විය. එම ඖෂධය ක්‍රියාත්මක වීමට ගතවන කාලය මම දැන සිටියෙමි. ඔහු අසලින් වැතිරගත් මම සෙමෙන් ඔහුගේ පපු පෙදෙස පිරිමදින්නට වූයෙමි.
“ඔයා දන්නවද ඔයා මොනවද දැන් බිව්වේ කියලා..?” මා ඇසුවේ අහිංසක ස්වරයෙනි.
ඔහුගේ දෙනෙත් විශාල වී තිබූ අතර, දෙකන්සෙන් දහඩිය වැල් ගලා යමින් තිබුණි.
“දන්නෑ නේද… ඒකට කියන්නෙ ‘ඇකනයිට්’ කියලා. ඒක ටිකින් ටික ඔයාගේ ඇඟ ඇතුළ විනාශ කරනවා… අවයව එකින් එක අක්‍රීය වෙනවා… අන්තිමටම මෙතන… මා පැවසුවේ ඔහුගේ පපුවේ වම්පසට අැඟිල්ලක් තබමිනි.
ඔහු කතා කිරීමට තැත් කළත් මුවින් වදන් පිට නොවූ අතර, ඔහු හුස්ම ගත්තේ ද ඉතා අපහසු අයුරිනි. ඔහුගේ දෑසින් කඳුළු වැල් ගලා හැලුණේ කළුවන් දහදිය මුසුව මුහුණේ රටා මවමිනි.
පළිගැනීම වස්තු විෂය කරගත් තරුණියක් එම අරමුණ ජයගැනීම සඳහා ලිංගිකත්වය හරහා ක්‍රමයෙන් ළංවන ආකාරය පිළිබිඹු කෙරෙන ත්‍රිලර් ෂානරවලට අයත් ත්‍රාසය, කුතුහලය පිරි කෘතියකි.
SIMPLE SIMON- සිම්පල් සයිමන්
නිර්මාණාත්මක රස්තියාදුකරුවකුගේ දේශපලාන, සමාජ, හා සංස්කෘතික ගවේෂණාත්මක අත්දැකීම් කැටිකරගත් නවතම ආරක චාරිකා සටහන් එකතුවකි. ලේඛකයා ඉතා නිර්ව්‍යාජව හෙළිකරන තම අත්දැකීම් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන් හා විවිධ පරාසයන්හි රසබර තොරතුරු කාව්‍යාත්මකව පාඨකයා සමඟ බෙදාහදා ගනී.
There are no reviews yet.