Weight | 115 g |
---|
KMPH 32 කොට කවි ශතකය
රු 480.00 රු 600.00
Price Summary
- රු 600.00
- රු 480.00
- 20%
- රු 480.00
- Overall you save රු 120.00 (20%) on this product
Be the first to review “KMPH 32 කොට කවි ශතකය” Cancel reply
Related Products
Sihinayaki Oba – සිහිනයකි ඔබ
2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද හොදම ගීත රචනා කෘතිය…
කුර හඬෙකි වියැකෙන – Kura Handaki Viyekena
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’
Recently Viewed
Sonduru Sari Sara – Sarawak Nadiya Dige සොඳුරු සැරිසර – සරවක් නදිය දිගේ
මලයාසියාවේ සිත් ඇද ගන්නා ස්ථාන සහ එහි පවතින අන්තර් වාර්ගික හා ආගමික සහජිවනයේ අගය විදහා දක්වමින් දෙරට අතර ඇති අතීත සබඳතා ද සිහිපත් කරලන සොඳුරු සැරිසර චාරිකා සටහන් මාලාවේ තුන්වැන්න වන මෙම කෘතිය මැලේසියානු සංචාර ඇසුරෙන් සම්පාදනය වූවකි.
Virupa – විරූපා
Adara Ankura – ආදර අංකුර
සමාජ සේවිකාවක මෙන්ම අපරාධ පිළිබඳ රහස් පරීක්ෂිකාවක වූ සිම්රන් සිං අතුරුදහන්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික ලීසා බාලවයස්කාරිය බේරා ගැනීමට ඉදිරිපත්වීම ඔස්සේ දිගහැරෙන කුතුහලය දනවන කතාවේ සිංහල පරිවර්තනයයි.
Anayasa – අනායාස
නෑ, මිලින්ද පුතා එහෙම කියනව තමයි, ඒත් මං වෛශ්‍යාවක් නෙමෙයි. මං සල්ලි බලාගෙනවත් ආස්වාදයටවත් පිරිමි ආශ්‍රය කරේ නෑ. මම බොහෝම දුප්පත් පවුලක ඉපදුනේ. මගේ අම්මා ජීවිත කාලයටම දුක්වින්දා. මගේ තාත්තා අම්මාට වද දුන්නේ ලිංගික ආධිපත්‍යයකින්. ඒක මහා හිංසනයක්. මගේ ජීවිත කාලයේ මම ලොකු පීඩනයක් වින්දා මේක දැකල. අපේ නැති බැරිකමට විල්සන් පිහිට වුණා; මගේ ඉස්කෝල වියදම් දැරුව. නමුත් මේවා කරල තියෙන්නේ පින් පිණිසවත් උපකාරයක් සඳහාවත් අපේ යහපත තකාවත් නොවෙයි මාව විවාහ කරගන්න. මම ණයකාරයෙක් කරල ඒ ණය ගෙවන්න මාව විවාහ කරගත්ත. ඒක තවත් විදිහක ලිංගික ආධිපත්‍යයක් හැටියටයි මං හිතන්නේ. මං ඒ ලිංගික ආධිපත්‍යට ඉඩ දුන්නේ නෑ, ඒක ඇත්ත.
There are no reviews yet.