Weight | 185 g |
---|
Lama Katha – ළමා කතා
රු 220.00 රු 275.00
Price Summary
- රු 275.00
- රු 220.00
- 20%
- රු 220.00
- Overall you save රු 55.00 (20%) on this product
Be the first to review “Lama Katha – ළමා කතා” Cancel reply
Related Products
Recently Viewed
Datha Yoma Ahasa Desaa – දෑත යොමා අහස දෙසා
ඝාතන රැල්ලත් සමඟ යුද ගිනිදැල්වලට මැදිවූ සරයේවෝ නගරය තුළ කොටුවන එකොළොස් හැවිරිදි පාසල් දැරියක වූ ස්ලාවා තම ජීවිතයේ ළසෝ තැවුල් ඉතා සංවේදීව විස්තර කරන්නීය. වතුර, විදුලිය හෝ ගෑස් නොමැතිව තම නිවසේම සිරකාරියක වන ස්ලාවාගේ අපේක්ෂාවත්, බිය හා සංකාවත් දෝරේ ගලා යනුයේ ඇගේ දින සටහන් මතය. තමන්ට අහිමි වූ මිතුරු මිතුරියන් නෑසියන් ගැන මෙන්ම සදහටම තමාගෙන් සමුගත් සොඳුරු ළමාවිය පිළිබඳව ඇය හඬා වැටෙනුයේ හද කකියවන නිර්ව්‍යාජත්වයක් හා නිරවුල් බවකින් යුතුවය.
අද ස්ලාවා ආරක්ෂා සහිත ස්ථානයක ජීවත් වන්නීය. තමුන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූ දහස් ගණනක් දරු දැරියන් ෂෙල් වෙඩි ප්‍රහාරයට බියෙන් කුසගින්නේ ඉටිපන්දම් එළියෙන් ජීවත් වෙති. දෑ යොමා අහස දෙසා කෘතිය ස්ලාවා රචනා කළේ එවන් දරු දැරියන් උදෙසාය.
Andhakaara Meheyuma – අන්ධකාර මෙහෙයුම
ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.
Heta Aluth Dawasak – හෙට අලුත් දවසක්
මාරක කතා චක්‍රවර්ති ජේම්ස් හැඩ්ලි චේස්ගේ තවත් අති සාර්ථක නවකතාවක සිංහල පරිවර්තනයයි. ධනය, බලය, උරුමය හමුවේ ඇස් අන්ධව කටයුතු කරන අගතිගාමි තිරශ්චිත පුද්ගලයකු සහ කප්පම් කල්ලි මාෆියාවක ඇඟ කිළිපොලා යන අභිරහස් සිදුවීම් ගොන්නක් කැටිකරගත් කුතුහලය පිරි ත්‍රාසජනක කතාවකි.
Mahakala – මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය සහ ලංකා ඉතිහාසයේ
අතිශය අර්බුදකාරී කාල පරිච්දඡේයක සිදුවූ දේශපාලනික,
සංස්කෘතික හා ආගමික තොරතුරු පදනම් කර ගනිමින් රචිත
පරිකල්පනාත්මක ඓතිහාසික නවකතාවකි.
Chakra Walalla – චක්‍ර වළල්ල
ජයවාන්ට් දාල්වි විසින් රචිත මරාති සාහිත්‍ය කෙෂ්ත්රයේ අගර්‍ගණය නිර්මාණයක් වූ ‘චක්‍ර’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. මහාරාෂ්ටර් රාජ්‍ය සම්මානය, හරිනාරායන් අජනේ සම්මානය සහ මැජෙස්ටික් බුක් සම්මානය ආදී සම්මාන රැසකින් පිදුම් ලද කෘතියක් වූ චකර් නවකතාව බොම්බායේ ජීවත් වන පැල්පත්වාසීන්ගේ අති දුක්ඛිත ජීවන යථාර්ථය මනාව කැපී පෙනෙන අයුරින් චිත්රණය කළ, සමස්ත සමාජය තුළම දැඩි බුද්ධි කලම්බනයක් ඇති කළ කෘතියකි.
There are no reviews yet.