| Weight | 165 g |
|---|
Mal Sutikka – මල් සූටික්කා
රු 255.00 රු 300.00
Price Summary
- රු 300.00
- රු 255.00
- 15%
- රු 255.00
- Overall you save රු 45.00 (15%) on this product
ප්රකාශනය – විදර්ශන ප්‍රකාශකයෝ
Be the first to review “Mal Sutikka – මල් සූටික්කා” Cancel reply
Related Products
Maduwanwela – මඩුවන්වෙල
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන දිසා මන්ත්‍රීවරයකුගේ ප්‍රචලිත ජීවන වෘත්තාන්තය ඇසුරෙන් රචිත ඓතිහාසික නවකතාවකි.
Yakada Silpara – යකඩ සිල්පර
“දිගින් අඩි 30ක් පමණ වූ හොණ්ඩාර 7 ක් පමණ බර වූ වානේ රේල් පීල්ලක් ඔසවන්නට කම්කරුවන් දාහතර දෙනෙකු අවශ්‍යය.එහෙත් ,මට රේල් පීල්ලක එක පසක් තනිව එසවිය හැකිය.එහෙත්, උපරිමයෙන් මිනිත්තු පහකට වඩා එසේ ඔසවාගෙන සිටිය නොහැකිය.”
Achala – අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තෑවේ දශකයේ දී
පාඨකයන්ගේ හද බැඳගත්තේ පුදුමාකාර ආශ්වාදයකිනි. ජයදේව
නමැති ලංගම බස්රථ රියැදුරකු හා අචලා නමැති පාසල් සිසුවිය
අතර ප්‍රේමය පාදක කර ගනිමින් අතිශය ආකර්ෂණීය අයුරින්
රචිත මෙම කෘතියෙහි අපූර්ව සිද්ධි ගැලපීම් හා කතුවරියගේ
විසිතුරු රචනා විලාසය රසික සිත්සතන් ජීවගුණයෙන් පුරවාලයි.
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
Amuthu Thale Adara Kathawak – අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Hatharadenek Kumarawaru – හතරදෙනෙක් කුමාරවරු
කුමාරවරු සිව් දෙනෙකු විසින් ඔටුනු පැළැන්දුව ද, සිහසුනෙහි වාසනාව නොලද අපේ කාලයේ කුමාරිකාවකගේ ශෝකාන්තය
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
Awalama Saha Ahatuwa – අවලමා සහ ඇහැටුවා
සමාජ අසාධාරණත්වය මඟින් දිළින්දාව පීඩාවට පත් කරන
බලවත් සමාජය, සියලූ යහගුණ ද කඩා බිඳ දමන අයුරුත්
එම සමාජය විසින්ම ද්වේශය සහ තණ්හාව යොදා පෝෂණය
කරනු ලබන පුද්ගලයන් ඊනියා සමාජයට අපරාධකරුවන් වන
අයුරුත් තීව්ර කෙරෙන නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Nirgami – නිර්ගාමී
විතැන් වූ ජන කොට්ඨාශයකට නායකත්වය දෙමින් ඉන්ද්‍රඛිලයක් ලෙසින් නැගී සිටි උපනන්ද හිමියන්ගේ කතා වස්තුව.
Sihinayata Samudee – සිහිනයට සමු දී…
“සංජීව …! ජීවත් වෙන්න ශක්තිය ගනින්! ඕන නම් මුළු ප්‍රාණ ශක්තියම මිරිකලා මම උඹට දෙන්නම්! උඹ ජීවත්වෙයන්…මටත් මේක උහුලගන්න බෑ බං…!”
මා ඉපදුණේ මීට අවුරුදු 18කට පෙර නොවේ. .. මේ දැන්, මොහොතකට පෙර නො වේ ද? ජීවිතයේ මේ දුක් කන්දරාව නම් හඬා හමාර කළ හැකි දැයි මම නම් නොදන්නෙමි.
ඇගේ හැඬීමත් සමගම මගේ දුක තුනී වූ සෙයක් මට දැනුණි. ඈට දෙමවුපියන් අහිමි වුණේ ඈ ලොකු මහත් වුණාට පසුවය. මට… මා… ඉපදෙන විටත් මෙලොව කිසිවෙකු නැත.
කාමරයක් ඇතුළට වී, ඇඳක් උඩට වී ගෙන අඬ අඬා සිටීමට මට බැරිය. මා අවට ලෝකය සමග ගැටිය යුතුය. ගැටි ගැටී ජීවත් වියයුතුයි.
දැන් ඉතින් අපි මේ හීනෙන් අවදි වෙලා ලෝකෙට මුහුණ දෙමු.
Recently Viewed
Sapekshani – සාපේක්ෂණි
වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.
අතථ්‍ය සන්නිවේදනය – Athathya Sannivedanaya (Virtual Communication)
අතථ්‍ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක්‍රියාකාරී පරිගණක-ජනිත අත්දැකීමකි. අතථ්‍ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සොයන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවනතත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැඟීම් මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ්‍ය සන්නිවේදනය භාවිත කළ හැකියි.ලොව වටා බිලියන සංඛ්‍යාත ජනයාගේ සමාජ අන්තර්ක්‍රියා, ඔවුන්ගේ අනන්‍යතා සමාජ සම්බන්ධතා සහ අතථ්‍ය ප්‍රජාවන් නිර්මාණය කිරීමත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ්‍ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ්‍යාත්මික සංස්කෘතික අවකාශයක පිහිටුවා ඇති බවක් ද පෙනේ. අතථ්‍ය සමාජය නවීන පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද සමාජයකි. ජංගම සන්නිවේදනය, දුරකථන සන්නිවේදනය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදනයද අයත් වන්නේ අතථ්‍ය සමාජය තුළටයි. සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ සැබෑ වේලාව තුළ නොව, අදෘශ්‍යමාන අතථ්‍ය අවකාශයෙහිය. මෙලෙස නව සමාජ පරිසරයක් නිර්මාණය කිරීම ලොව පුරා ව්‍යාපාරවලට විශේෂ සංවිධානාත්මක රූපාකාරයන් නිර්මාණය කිරීමක් ද වන්නේය.
Gini Mada Sakmana – ගිනි මැද සක්මන
ලෝකයම කුරිරු ව්‍යසනයකට ගොදුරු කළ හිට්ලර්ගේ දෙබිඩි ජීවිතය මෙන්ම ඔහුගේ ඒකාධිපති වියරුවේ අවසානයද විස්තරාත්මකව හෙළිකරන ඔහුගේ ලේකම්වරියගේ ‘Bis zur letzten Stunde’ නම් සත්‍ය කතාවේ පරිවර්තනයයි.





































There are no reviews yet.