නේත්‍රා දේවී යකඩ පිහාටුවලින් ආදරය හොයා ගෙන පියාඹනවා. එයාට ඒ ආදරය අත පොවන මානයේ තියෙනවා වගේ පෙනෙනවා. එතකොට එයා එතනට යන්න හිතාගෙන හයියෙන් තටු ගහනවා. ඒත් එයා ළඟට යනකොට ඒ ආදරයත් ටිකෙන් ටික ඈතට යනවා.
නේත්‍රා දේවී එහෙම ගොඩක් උත්සාහ කරලා අමාරුවෙන් මිට මොළවා ගත්ත ආදරයත් එයාගේ ඇඟිලි අස්සෙන් රූටල යනවා. එයාට ඒක නවත්ත ගන්න බැරි වෙනවා. කොච්චර උත්සාහ කෙරුවත් ඒ ආදරය එයාට නැති වෙනවා. ඒක ඇට මිදුළුත් විනිවිද ගෙන යන වේදනාවක්. නේත්‍රා දේවී ඒ වේදනාවත් විඳිනවා.
යකඩ වුනත් පිහාටු සියුමැළියි. සැරින් සැරේ නාන ප්‍රකාර චරිත ඇවිත් එයාගේ ඒ යකඩ පිහාටු කඩල දානවා. ආයෙමත් පියාඹන්න බැරි වෙන විදිහට ඒවා උදුරනවා. පයින් පාගලා පොඩි කරල දානවා.
ජීවිතය අහස වගෙයි.
ආදරය කියන්නේ ඒ අහසේ තියෙන තරුවකට.
ඒ තරුව ළඟට යන්නම ඕනි.
එතන තමයි ජීවිතය තියෙන්නේ.
එතන තමයි ආදරය තියෙන්නේ.
මේ කතාව නේත්‍රා ගේ ජීවිතය ගැනයි…
ඒ ගමන ගැනයි…
ඒ ආදරය ගැනයි…
Nethra Devi – නේත්‍රා දේවී
රු 440.00 රු 550.00
Price Summary
- රු 550.00
- රු 440.00
- 20%
- රු 440.00
- Overall you save රු 110.00 (20%) on this product
Weight | 370 g |
---|
Be the first to review “Nethra Devi – නේත්‍රා දේවී” Cancel reply
Related Products
Sunni – සුන්නි
ශ්‍රී ලාංකේය සමාජ උරුමයන් ඇසුරෙන් උපන් මනෝභාවයන් අවලෝකනය කෙරෙන කාලානුරූප නවකතාවකි.
VINDITHAYO – වින්දිතයෝ
රාජ්‍යත්වයේ දී බලවතුන්ගේ ආත්මාර්ථකාමී කුමන්ත්රණයක වින්දිතයකු බවට පත් වූ සාමාන්‍ය මිනිසකුගේ ඛේදජනක ඉරණම පිළිබඳ කතාව.
Pin Mada Bisaw – පින් මද මහ බිසව්
රාජ්‍ය උරුමය නිසාම රජුන් තනන්නට දායක වෙමින් දුක් සෝසුසුම් විඳි දෝන කතරිනා බිසවගේ කදුළු කතාව.
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Maa – මා
ගිලිහුනු ආදරයක් හඹා යන මහාචාර්යවරියක් හුදෙකලා ජීවිතයක් ගෙවන යුධ හමුදා නිලධාරියෙක්, ආදරය සෙනෙහස සොයා යන නව යොවුන් තරුණයෙක් සහ ජීවිතය විනිවිද දකින තරුණ දොස්තරවරයෙකු එක්තෑන් කල කුතුහලයෙන් පිරි අනුවේදනීය සමාජ විවරණයකි.
Guwarnika – ගුවර්නිකා
ශ්‍රීලාංකේය සමාජ, සංස්කෘතික දේශපාලන සන්දර්භය සාහසික ලෙස නිරුවත් කෙරෙන ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව
Bambasara Yahana – බඹසර යහන
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකතාව.
Kemathi Nam Wahinna – කැමති නම් වහින්න
අසීමිත රූමත් බවේ ශාපයත්, නෑසියන් විදේශගතවීමේ සාංකාවත් මැද මිනිසත්කමේ පිළිබිඹුව දුටු දිරිය
ගැහැනියකගේ කතාව.
Santhiparan – සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
Raja Mawatha – රජ මාවත
1832 ට පෙර පැවති පැරණි කොළඹ – මහනුවර මාර්ගය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුළත් පරිපූර්ණ විමර්ශනාත්මක කෘතියකි.
PREMAYA NOTHARAM – ප්‍රේමය නොතරම්
සිද්ධාර්ථ – යශෝධරා ප්‍රෙම වෘත්තාන්තය නව මුහුණුවරකින් අරුත් ගන්වන නවකතාව.
Septhambaraye Diga Dawasak – සැප්තැම්බරයේ දිග දවසක්
සුන්දර රාත්‍රියක හමු වූ ආගන්තුකයින් දෙදෙනෙකු විසින් ගමන් මග වෙනස් කරනු ලැබූ තරුණයකුගේ අපූර්ව ජීවන ගමනෙහි අනේකවිධ අවුල් වියවුල් මැද මතුවන ජීවන වටිනාකම් පිළිබඳ කුතුහලය පිරි මනහර රචනා ශෛලියකින් රචිත නවකතාවකි.
Recently Viewed
PEMATHO JAYATHI ASOKO – පේමතෝ ජායතී අසෝකෝ
සුලබ හෝ සම්මත ආදර කතාවක් නොවන ආදරයේ විසල්
සෞන්දර්යය පසුබිම් කරගත් රසාලිප්ත සංචාර ආඛ්‍යානයකි.
ඉලක්ක රහිත බොහිමියානු සංචාරයන් අතරමග හමුවන අපූර්ව
නවාතැනේදී ප්‍රේමයේ අසෝකය සොයා යන ආදර අතීතයේ
අමුතු කතාවක විචිත්රත්වය පාඨක මනස අවදි කරවයි.
ME BADADANAM BA – මේ බදාදනං බෑ
ශ්‍රී ලාංකික දේශපාලනයේ විවිධ කාල වකවානුවල ජනතාවට බලපෑ දේශපාලනමය සංසිද්ධීන් පාදක කර ගනිමින් රචිත රසවත් කෙටිකතා එකතුව.
Maha Mola Karayo – මහමොළ කාරයෝ
ලෝකයේ විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ව්‍යාපාරික ක්‍රමවේදයන් උපායශීලී අරමුණු ඇතුළත් විවිධ ඉසව් ඔස්සේ රචනා කරන ලද ‘මහ මොළකාරයෝ’ කෘතිය ව්‍යාපාරික ප්‍රජාවට මතුනොව, පොදුවේ සියල්ලන්ටම එකසේ වැදගත් කෘතියකි.
Aparade A November – අපරාදෙ, ඒ නොවැම්බර්
Wasantha Kunatuwa – වසන්ත කුණාටුව
වියපත් නොවන ප්‍රේමයක අසිරිය හදවත් පුරා සිත්තම් කරන සම්මානිත ජපන් නවකතාවක සිංහල පරිවර්තනයකි.
Theriyum Kokila – තෙරියුම් කෝකිලා
යුද්ධයේ අමානුෂිකත්වය, ම්ලේච්ඡත්වය හා එයින් අත්විඳින ඛේදවාචකය ප්රස්තුත කර ගනිමින් ඒ මානව විනාශයෙන් අත්විඳින පීඩනය ඔස්සේ නිර්මිත කාව්‍ය සංග්‍රහයකි.
Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී
මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!
*****
ප්‍රෙර්නා… දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල… තට්ටු තුනේ ගෙදර, තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට… වැටුණද? පැන්නද? තල්ලුකළාද?
එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය… එයාගෙ ඇඳ උඩම… මැරුණද…? මැරුවද…? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි… අංජලී කේශව්ටයි… ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
HETHTHAWE COLANIYA – හැත්තෑවේ කොලනිය
ගැමි ආදරවන්තයන්ගේ සුන්දරත්වයත්, වාණිජ හස්තයට හසුවන ජනපදිකයින්ගේ අහිංසක ජීවන රටාවත් පිළිබිඹු කෙරෙන නවකතාව.
Gimhana Geethaya – ගිම්හාන ගීතය
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.
Malini Jiwamana Purawruththaya – මාලිනී ජීවන පුරාවෘත්තය
මාලිනී ෆොන්සෙකා නම් වූ මහා රංගවේදිනියගේ සිනමා ජීවිතය, හා ජීවිතය පිළිබඳ මෙරට මුල්පෙලේ විද්වතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් රැසකගේ විමර්ෂනාත්මක ලිපි ඇතුලත් උපහාර අභිනන්දන කෘතියකි.
There are no reviews yet.