Pambayage Dukganawilla – පඹයාගේ දුක්ගැනවිල්ල
රු 160.00 රු 200.00
Price Summary
- රු 200.00
- රු 160.00
- 20%
- රු 160.00
- Overall you save රු 40.00 (20%) on this product
Related Products
Recently Viewed
මායිම්ගල – Maimgala
මිනින්දෝරු වෘත්තියේ නියැලෙද්දී වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවල ලද අත්දැකීම් පාදක කර ගනිමින් මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන් කැටි කරගත් කෘතියකි. ඉතා සරල සුගම බස් වහරකින් රචිත මෙම කෘතිය මඟින් මිනින්දෝරු වෘත්තිකයන්ගේ ආශ්වාදජනක, චමත්කාරජනක සිදුවීම් ඉතා ළගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. විවිධ ප්‍රදේශවල ජන ජීවිතය සහ වනගත පරිසරය හා සබැඳි ත්‍රාසජනක, විනෝදජනක, අද්භූතජනක සංසිද්ධීන් ඉතා විචිත්‍රවත් අයුරින් කතුවරයා පෙළගස්වන්නේ පාඨක සිත්සතන් අමන්දානන්දයට පත් කරවමිනි.
ASIRIMATH CHINA SANSKRUTHIYA – අසිරිමත් චීන සංස්කෘතිය
චීන සංස්කෘතියෙහි සුවිශේෂී ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදෙන අතරම, ඒ සම්බන්ධව මනා විග්‍රහයක් ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය චීන ජනතාවගේ අභ්‍යන්තරික ලෝකය, ජීවිත දර්ශනය සහ සෞන්දර්යාත්මක අභිරුචින් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරයි. චීනයේ සහ ජාත්‍යන්තර ලෝකයේ වෙසෙන ජනතාවට චීන සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, එහි ශ්‍රේෂ්ඨ සාරය පිළිබඳ නව පර්යාවලෝකනයන් හා යථාදර්ශනයන් ඇති කිරීමටත් මෙම කෘතිය ඉවහල් වේ.
Mayada – මයාඩා
1979 දී ඉරාකයේ බලයට පත් සදාම් හුසේන් මුල් වකවානුවේ දී ජනතා හිතවාදීව කටයුතු කළ ද, වැඩි කලක් යාමට පෙර සිය ඒකාධිපති පොලිස් හමුදා රාජ්‍යය ගොඩනැංවීමට කටයුතු කළේය.
ඔහුට විරුද්ධ වී යැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වූයේ නම් ඔහුට හෝ ඇයට සිදුවූයේ සදාම්ගේ සිපිරි ගෙවල්වල පිහිටි වධකාගාරවල දී අප්‍රමාණ වධ බන්ධනවලට ලක්වී මියයාමටයි.
මේ සත්‍ය කතාව කලක් සදාම්ගෙන් සම්මාන පවා ලබා, ඔහුගේ හිත දිනා සිටි ඉරාකයේ සම්මානනීය පවුලකට අයත්, මයාඩා අල් අස්තාර් නම් මාධ්‍යවේදිනිය සදාම්ගේ වධකාගාරයක ගතකළ ශෝචනීය කාල පරිච්ඡේදය පිළිබඳවයි. එහිදී ඇයට හා අනෙක් සිරකාරියන්ට නොකළ වරදවල් සඳහා විඳින්නට සිදු වූ අනේක වධබන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතන්දරය මෙයින් විස්තර කෙරේ.
There are no reviews yet.