Weight | 190 g |
---|
Poddage Lokaya – පොඩ්ඩාගේ ලෝකය
රු 280.00 රු 350.00
Price Summary
- රු 350.00
- රු 280.00
- 20%
- රු 280.00
- Overall you save රු 70.00 (20%) on this product
Be the first to review “Poddage Lokaya – පොඩ්ඩාගේ ලෝකය” Cancel reply
Related Products
Recently Viewed
Nimala Mala – නිමල මල
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ.
Andhakaara Meheyuma – අන්ධකාර මෙහෙයුම
ගාලු කොටුපවුර ඇතුළතින් පටන් ගන්නා රහස් උමගක් හා වෙනත් අද්භූත පුරවෘත්තයන් රසැක් හඹා යන ගවේෂණාත්මක චාරිකාවක යෙදෙන ලමුන් පිරිසකගෙ ත්‍රාසජනක අත්දැකීම් රැගත් යොවුන් නවකතාව.
Sthree Dweshiyage Birinda – ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ
එදිනෙදා සමාජ ජීවිතයේ මතුවන සංසිද්ධින් තේමා කර ගනිමින් ඒ පිළිබඳව ඉතා පුළුල් ලෙසින් විමර්ෂණයට බදුන් කෙරෙමින් නව ආරකින් රචිත නිර්මාණාත්මක කෙටිකතා එකතුවකි. රචකයා තමන් අත පත් වස්තු බීජය ඉතාම පුළුල් ලෙස නිරීක්ෂණය කරමින්, හෘදය සංවේදී ලෙසින් පාඨක සිත් සතන් ඇද බැඳ ගන්නේ අතිශූර කෙටිකතාකරුවකුගේ නිර්මාණශීලිත්වය විශද කරවමිනි.
Panchassthamba – පංචස්තම්භ
බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයනට අමතරව එම පුද්ගලයා තුළම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකිය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන්ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළිවන අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ ආර්ථික දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජය හිමිව පවතින සිවිල් තත්ත්වය හේතු කරගෙන විය හැකිය.
පංචස්තම්භ කෘතිය විකාශනය සඳහා භාවිත කෙරෙන්නේ ජීවමාන චරිතයන් නොවීම මෙම කෘතියේ විශේෂත්වයයි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. ප්‍රධාන කථකයා මියගිය මිනිසෙකි. ඔහු සිය කතාන්දරය පවසන්නේ ඔහු මියගිය පසු ලබන අත්දැකීම් තුළිනි.
හදිසියේ සිදුවන තම මරණයෙන් පසු තම ඥාතීන් හැසිරෙන ආකාරයත්, සාහිත්‍යකරුවන්ගේ සිතුම් පැතුම්, සංවාද, හැලහැප්පීම් ආදියත්, සාමාන්‍ය මිනිස් සිතේ ක්‍රියාකාරිත්වයත් යන සියල්ල විරාග නම් තරුණ කවියා සිය අන්තරාභවික අත්දැකීම් හරහා මෙම කෘතිය තුළින් නිරාවරණය කරයි.
There are no reviews yet.