Weight | 105 g |
---|
Rasamma – රාසම්මා
රු 125.00 රු 250.00
Price Summary
- රු 250.00
- රු 125.00
- 50%
- රු 125.00
- Overall you save රු 125.00 (50%) on this product
Be the first to review “Rasamma – රාසම්මා” Cancel reply
Related Products
ALA KANDIYE SUNIL – ඇළකණ්ඩියේ සුනිල්
වෛද්‍යවරයෙකු වීමට මැවූ සිහින බොඳ වුවත්, පාතාලයේ දුගී පැලක ඉපිද ජීවිතය ජයගත් මිනිසකු ගැන කියැවෙන අනුවේදනීය නවකතාවකි. දරුණු අපරාධකාරයෙකු වුව ද, මානව දයාව, යුක්තිය, අයුක්තිය අසාධාරණත්වය හමුවේ නිහඬ සේවාවක් ඉටු කරන අපූර්වතම චරිතයක් පාදක කර ගනිමින් රචිත මෙම නවකතාව විටෙක සංවේදනීය ලෙසත්, විටෙක ආදරණීය ලෙසත්, විටෙක බිහිසුණු ලෙසත් පාඨක මනස ලෝලනය කරවයි.
Kathun thideneku athara nagnawa – කතුන් තිදෙනෙකු අතර නග්නව
අනියම් පෙමක් සහ රුදුරු භූතාත්මයක් අතරට මැදි වූ සුන්දර
කැදැල්ලක් පිළිබඳ කතාන්දරයක් රැගත් මෙම නවකතාවෙන්
අනපේක්ෂිත ලෙස ජීවිතවලට කඩාවදින ආදරයෙන් තොර රාගය
විසින් ඇතැමුන්ගේ ආත්මයට නිරුවත් කරන අයුරු විචිත්‍රවත්
ලෙස දක්වයි.
Recently Viewed
Maranaye Dorathuwa – මරණයේ දොරටුව
හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත්කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමරු වෛද්‍ය මැන්ගල්ගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු ‘Auschwitz’ නැමැති පොතේ පරිවර්තයයි.
SUNIL SHANTHA-HELA GIYE MUDUN MULA SAHA MUDUN MALA – සුනිල් සාන්ත – හෙළ ගීයේ මුඳුන් මුල සහ මුඳුන් මල
සංගීතවේදි සුනිල් සාන්තයන්ගේ අසාමාන්‍ය අගනා චරිතයෙහි සැගවුණු රසමුසු අරකට තැන් මෙන්ම ඔහුගේ සංගීත පර්යේෂණ කාර්යයන්හි ඇති තතු ද විස්තර කෙරෙන සරල බස් වහරකින් රචිත අගනා ග්රන්ථයකි. අදීන කලාකරුවකු ලෙසින් ඔහු තම විෂයයෙහි දැක්වූ නොහැලෙන මතවාදයත්, ශිල්පීය සම්ප්රදාය ප්රවර්ධනයෙහි දැක් වූ මනා ප්‍රතිභාවත් පිළිබඳ මනා අවබෝධයක් හා වැටහීමක් පාඨකයනට මෙම ග්‍රන්ථය පරිශීලනයෙන් ලබාගත හැකි වනු ඇත.
Diyonis Dewola Pamula Sita – දියෝනිස් දෙවොල පාමුල සිට
ප්රකාශනය – සංහිද ප්‍රකාශකයෝ
Tharagaye Weeraya – තරගයේ වීරයා
ප්රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
Muguru – මුගුරු
පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැනගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.
There are no reviews yet.